(BREAKING) ඉවතට ගිය ශ්‍රි ලංකාවට ලෝක සූරතාවලියට යන්නට හෙට තවත් අවස්ථාවක් – අරුණගේ ආරම්භය කාලිංගට

Date:

නිශ්මං රණසිංහ මැයි 10, කොළඹ LNW:

චීනයේ ගුවැන්ෂූ හී පැවත්වෙන ලෝක සහය දිවීමේ තරගාවලියේ දි මීටර් 400 මිශ්‍ර සයහ දිවීමේ පළමු වටයේ තරගය නිමා නොකිරීම නිසා ඉවතට ගිය ශ්‍රී ලංකාවට හෙට (මැයි 11 දා) තවත් අවස්ථාවක් උදාවීමට නියමිතව තිබෙනවා.ඒ පරාජිතයන්ගේ වටයේ දී යි.අරුණ දර්ශන තරගයෙන් ආබාධයක් මත ඉවත් වීම නිසා එම තරගය නිමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව හිමි වුණේ නැහැ.
මූලික වටයේ තරගවලදී තරගයන් හී පළමු සහ දෙවන ස්ථාන දිනා ගත් කණ්ඩායම්වලට සහ ගත කළ කාලය සළකා බලා හොඳම කණ්ඩායම් දෙකක් ද තෝරා කණ්ඩායම් අටක් තෝරා ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියට ඇතුළත් කිරීමට කටයුතු සැළසුම් කෙරෙනවා.ඊට අමතරව හෙට පැවත්වෙන පරාජිත කණ්ඩායම් අතර තරගවලදී මුල් ස්ථාන තුන දිනා ගන්නා කණ්ඩායම් ද එම තරගාවලියට තෝරා ගැනීමට නියමිතයි.ඒ අනුව කණ්ඩායම් 14 ක් ම මේ තරගාවලියේ ලෝක මලල ක්‍රීඩා සූරතාවලියට තෝරා ගන්නා අතර එම අවස්ථාවට අමතරව ලෝකයේ වාර්තා කර ඇති කාලය අනුව ඉහළම දක්ෂතා අතර සිටින කණ්ඩායම් දෙකකට එම තරගාවලියට සුදුසුකම් ලැබීමට අවස්ථාව තිබෙනවා.
හෙට අරුණ වෙනුවට කණ්ඩායමට සදෙව් රාජකරුණා එක් වීමට නියමිත අතර තරගයේ ආරම්භක මීටර් 400 දිවීමේ වගකීම අරුණ වෙනුවට කාලිංග කුමාරගේ වෙත පවරා තිබෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...