කොළඹ LNW:නව අධ්යාපන ප්රතිසංස්කරණ යටතේ හය ශ්රේණිය ඉංග්රීසි මොඩියුලය අදාළව ඇති වූ ප්රශ්නකාරී තත්ත්වය මත එම ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීමට මෙම වසරේදී නොහැකි විය.
අසැබි වෙබ් අඩවියක සැබැදියක් ඇතුළත් වීම යන කාරණය පාදක කරගෙන ප්රශ්නය හටගත් අතර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කරන ලදී.
ඒ අනුව එම සිදුවීම පිටුපස කුමන්ත්රණයක් හෝ අපරාධමය වරදක් සිදුව නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයෙන් අනාවරණය වී ඇති බව සඳහන්.
ඊට අදාළ වාර්තාවක් අධ්යාපන අමාත්යාංශය වෙත ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
හය ශ්රේණියේ මොඩියුල අර්බුදය සම්බන්ධයෙන් ජාතික අධ්යාපන ආයතනයේ නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් දර්ශන සමරවීර අනිවාර්ය නිවාඩු යැවූ අතර
තවත් නිළධාරිනියන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරන ලදී.
මේ අතර ජාතික අධ්යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විදානපතිරණ ද විමර්ශනවලට සහය දක්වමින් ධූරයෙන් තාවකාලිකව ඉල්ලා අස්විය.


