*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

මැයි 18 රණවිරු දිනය සමරන්න අවශ්‍යයි  – සුදර්ශන දෙනිපිටිය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  2023/05/11
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී අද පැවතිය ප්‍රවෘත්ති සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුදර්ශන දෙණිපිටිය සහභාගී විය. එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය  මහතා,

“2019 මැයි 18 ලංකාවේ තිබුණු ප්‍රශ්නය නිරාකරණය කරගන්න පුළුවන් වුණා. හැබැයි පොරොන්දු ඉෂ්ට කරන නායකයෙක් හැටියට පස්වන විධායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් අපි ඉල්ලුවේ මේ ත්‍රස්තවාදය අවසන් කරලා දෙන්න කියලා. එතුමා ඒ අවස්ථාවේ කිව්වේ කොහොමහරි ත්‍රස්තවාදය අවසන් කරනවා කියලා. එතුමා කිව්ව විදිහට ඒ ත්‍රස්තවාදය අවසන් කළා. මේ මැයි 18 රණවිරු දිනය සමරන්න අවශ්‍යයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැයි දිනය දවස් 05 , 06 ක් ඇතුළත සංවිධානය කළේ. අපි අවුරුදු 03 න් පක්ෂයක් හදලා, 69 ලක්ෂයක ඡන්දයක් අරගෙන ජනාධිපතිවරයෙක් පත්කරගෙන , 2/3 බලයක් එක්ක පාර්ලිමේන්තුවක් හදාගත්ත පක්ෂයක්. ගරු බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමා එදා වගකීම් භාරගෙන අපිට කිව්වේ අපි මෙය ජයග්‍රහණය කරායන, අපේ නෙළුම ඉදිරියට ගෙනගිහිල්ලා කටයුතු කරනවා කියලා එතුමා ඒ වගකීම භාරගත්තා. ඒ කිව්ව විදිහටම පස්වන විධායක ජනාධිපතිතුමත් එක්ක එකතුවෙලා ඉතිහාසගත වන ජයග්‍රහණයක් ලැබුවා. අපිට මේ මැයි දිනයේදි අපි කිසිම කෙනෙකුට කෑම පැකැට්ටුවක් දිලා නොවේ ගෙන්නුවේ. ජනතා විමුක්ති පෙරමුණ භිෂණයක් ඇති කරලා තිබුණේ. හැබැයි පක්ෂයට ආදරය කරන ජනතාව අපේ මැයි දිනයට පැමිණියා. ඔවුන් බිය නොවි පැමිණියා.

ඒ නිසා මේ අවස්ථාවේ අපි බලාපොරොත්තු වෙන්නේ රට දියුණු කරන්න. අපි පත්කරපු ජනාධිපතිවරයා අපිත් සමඟ වැඩකරනවා. ගිය අවුරුද්දේ මේ වන විට තිබුණු ප්‍රශ්න, භිෂණ මේ සියල්ලම නතර කරගෙන රට දැන් ඉදිරියට යනවා. මෙය බලාගෙන ඉන්න බැරි පිරිසක් නොයෙකුත් නොයෙකුත් දේවල් කියනවා. විපක්ෂයේ කාර්යභාරය කියලා හිතන්නේ අනෙක් මිනිස්සුන්ට ගරහන එක, නොයෙකුත් චෝදනා කරන එකයි කියලා. එය අපරාධයක්. අපිට ජාතික සැලැස්මක් නෑ. ඒ නිසා තමයි මෙහෙම වෙලා තිබෙන්නේ. ඔවුන්ට රට ගොඩගමු කියන මතයක් නෑ.

IMF එකෙන් වගේම ආසියානු සංවර්ධන බැංකුව අපිට ආධාර දෙනවා කියලා තිබෙනවා. නැවතවතාවක් සංවර්ධනය කරගන්න පුළුවන් වෙයි. 2005 ට කලින් අපේ රට සංවර්ධනයක් තිබුණේ නෑ. මේ වගේ තැනකට පැමිණෙන්න හැකි වුණේ පස්වන විධායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් පස්සේ. නොයෙකුත් භිෂණ මවලා , හොරා කිව්වා. නමුත් ජනතාව එය පිළිගත්තේ නෑ. ඒ නිසා අපි IMF එකෙන් යම්කිසි තැනකට ඇවිත් ඉන්නවා. අපේ රටේ ජනතාව නිෂ්පාදනයන් පටන් අරගෙන තිබෙනවා. මේ අවස්ථාවේ ආනයන සිමා කරලා අපනයන වැඩිකරලා ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සංචාරක ව්‍යාපාරය දියුණු වෙනවා. ලොකු වැඩකොටසක් ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ රජය සිදුකරගෙන යනවා. ඒ වැඩකොටසට සහය දිම තමයි විය යුත්තේ.

X-PRESS PEARL ,නෞකාව පිළිබඳව ඊයේ අපි සීමා කළා. අපි ඒ සඳහා වාද විවාද කළාම එහි වාසිය ගන්නේ ඒ අයිති කම්පැනියයි. අපේ අධිකරණ ක්ෂේත්‍රයේ කණ්ඩායමක් ගිහිල්ලා ජයග්‍රහණය කරන්නයි උත්සහ කරන්නේ. ඒකට නොයෙකුත් දේවල් කියනවා. අපි රටක් වශයෙන් ඔක්කෝම එකතුවෙලා එකතැනකට ඇවිල්ලා තරඟ කරන්න ඕන. ඊට පස්සේ අපේ රටට හිමිවිය යුතු දේවල් ලබාගන්න පුළුවන් වෙනවා. ඇයි අපි මේ බෙදිලා කටයුතු කරන්නේ. ඒ නිසා මේ පිළිබඳව තවදුරටත් හිතන්න ඕන. ”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan