එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගමට එරෙහිව සමගි ජන බලවේගය නඩු මඟට (VIDEO)

Date:

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විනාශයෙන් සිදුවූ හානියට වන්දි අය කිරීමේ වැඩපිළිවෙළට සහායක් ලෙස සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය විසින් නීතිමය කටයුත්තකට ප්‍රවේශ වන බවත් ඒ යටතේ මූලික එන්තරවාසියක් මීට සම්බන්ධ ආයතන රැසකට යොමු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (11) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඩොලර් බිලියන 6.4කට සීමා වී ඇති වන්දි මුදල අය කර ගැනීමටත් එම විනාශයෙන් අගතියට පත් පාර්ශ්වයන් වෙනුවෙන් මෙම මුදල මහාභාණ්ඩාගාරයේ වෙනම ගිනුමක තැන්පත් කරන ලෙසත් අදාළ එන්තරවාසියෙන් දැනුම් දුන් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

අපේ රටේ මිනිසුන් මුදලට බිලි බා ගත හැකි බව නැව් සමාගම සිතාගෙන සිටින්නේ නම් එය වැරදි බවත් අපේ කිසිවකු මුදලට යට නොවන බවත් අප බංකොලොත් වුවත් මූල්‍ය අපහසුතා තිබුණත් අපේ රට විනාශ කිරීමට හෝ පාවා දීමට හෝ බිලී බා ගැනීමට අවස්ථාවක් ලබා නොදෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...