තිරිඟු පිටි ගැන ලෝක ආහාර වැඩසටහනෙන් අනතුරු ඇඟවීමක්!

Date:

කොළඹ LNW:ඉදිරියේදී ලෝකය පුරා තිරිඟු පිටි හිඟයක් ඇතිවිය හැකි බවට ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවා සිටියි.

ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී සින්ඩි මැකේන් පවසන්නේ ලෝකයේ පාන් කූඩය ලෙස හැදින්වෙන යුක්‍රේනයේ තිරිඟු පිටි රුසියා යුක්‍රේන යුද්ධය නිසා ඉදිරියේදී වෙළෙඳපොළට පැමිණීමේ අඩුවක් ඇතිවිය හැකි බවයි.

රුසියාව යුක්‍රේන ධාන්‍ය සම්බන්ධ ගිවිසුමෙන් ඉවත් වුවහොත් තිරිඟු පිටි බෙදාහැරීමට එය ප්‍රබල අනතුරක් විය හැකි බව ඇය කියාසිටියි.

2022 රුසියා ආක්‍රමණයෙන් පසු කළු මුහුදේ තිබෙන යුක්‍රේන වරායන්ට පිවිසීම රුසියාව විසින් අවහිර කර තිබෙන පසුබිමකයි මෙවැනි අර්බුදයක් නිර්මාණය වෙමින් ඇත්තේ.

අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ තුර්කිය මැදිහත්ව රුසියාව සමග ඇතිකර ගත් ගිවිසුමක් මගින් යුක්‍රේන තිරිඟු පිටි නෞකා ගමන් කිරීම සඳහා එකඟතාවයකට එළඹීම සිදුවුවද තමන් වෙත එල්ලවෙන සම්බාධක හමුවේ අදාළ ගිවිසුමෙන් ඉවත් වන බවට රුසියාව අවධාරණය කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කමාන්ඩෝ සලින්තට T56 උණ්ඩ විකිණු හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට!

කොළඹ LNW: පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන...

තංගලු ගිය මහින්දට කොළඹින් සුපිරි නිවාස දෙකක් ?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) දහවල් තමන්...

නාමල් රාජපක්ෂ නිසා විදුලි බල මණ්ඩලයට නඩුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගේ විවාහ උත්සවයේදී භාවිත කරන ලද...

ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරීන් හමු වූ ජනපති!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 11 ,කොළඹ LNW : අද (11) දින...