*
Monday, November 25, 2024
spot_img

Latest Posts

හදිසි මහා මැතිවරණයකට සූදානමක් – දේශපාලන පෙරලි සමඟ අධිකරණ ක්‍රියාවලි – කොමිසමත් සූදානමින් – පක්ෂ මාරු සමඟ කැබිනට් සංශෝධන – මහින්දගෙන් රතු එළි – සජිත් ගොවියන් දෙවියන් කරන්නට සැරසෙද්දී ධම්මික ජාත්‍යන්තරයට

  • හදිසි මහා මැතිවරණයකට සූදානමක්
  • දේශපාලන පෙරලි සමඟ අධිකරණ ක්‍රියාවලි
  • කොමිසමත් සූදානමින්
  • පක්ෂ මාරු සමඟ කැබිනට් සංශෝධන
  • මහින්දගෙන් රතු එළි
  • සජිත් ගොවියන් දෙවියන් කරන්නට සැරසෙද්දී ධම්මික ජාත්‍යන්තරයට
  • එජාපය ගොඩගන්න වෙනසක් ඕනලු

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): එදා මෙදාතුර ශ්‍රී ලංකාවේ කිසිඳු කලෙක නොවූ ආකාරයේ තීරණාත්මක දේශපාලන  සන්ධිස්ථානයකට මේ වන විට ශ්‍රී ලංකාව පැමිණ තිබේ. ඉදිරි දෙසතිය මෙරටට සියලු ආකාරයෙන් අතිශය තීරණාත්මකවන අතර එම කාලය තුළ දේශපාලන බල පෙරලි මෙන්ම අධිකරණමය ක්‍රියාමාර්ග ගණනාවක් ගැනීමට නියමිත අතර ඒවා කොතනින් කෙලවර වේ දැයි සිත ගත නොහැකි තරමට ව්‍යාකූල ස්වභාවයක් ගනු ඇත.

ජනාධිපතිවරණය හා මහා මැතිවරණය එකම දිනෙක පවත්වන්නත් හැකිලු

ජනාධිපතිවරණය කැඳවීම ජුලි 17 වැනිදායින් පසුව ඕනෑම මොහොතක සිදු කරන්නට මැතිවරණ කොමිසමට බලය තිබේ. මැතිවරණ කොමිසම මැතිවරණය ප්‍රකාශකළ දින සිට දින 66 කට පසුව ජනාධිපතිවරණය පවත්වන්නට මැතිවරණ කොමිසමට හැකියාව තිබේ. එසේම අවශ්‍යනම් ජනාධිපතිවරණය හා මහා මැතිවරණය දෙකම එකම දවසක අවශ්‍යනම් පවත්වන්නට හැකි බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු ප්‍රකශ කළේය.  ජනාධිපතිවරණය හා මහා මැතිවරණය දෙකම එකම දිනයක පවත්වන්නේ නම් ඒ සඳහා වියදම විශාල වශයෙන් අඩුවන අතරම වැඩිපුර ඡන්ද පෙට්ටි හා නිලධාරීන් සුළු ප්‍රමාණයක් පමණක් අවශ්‍යවනු ඇත. කෙසේ වෙතත් ඕනෑම මොහොතක ඕනෑම මැතිවරණයකට මැතිවරණ කොමිසම සූදානමින් සිටී.

හදිසි මහා මැතිවරණයකට යයි ද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හදිසි මහා මැතිවරණයකට සැරසෙන බවට මේ වන විට දේශපාලන ලෝකයේ වඩාත්ම කතා බහට ලක්ව ඇති කරණය වී තිබේ.
මැයි 13 හා 14 දෙදින පාර්ලිමේන්තුව හදිසියේ යලි රැස්  කරන්නට  මේ වන විට  පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබේ. ඇතැමුන් පවසන්නේ වෙසක් උත්සවය හේතුවෙන් මෙම තීරණය ගත බවය. ඒ අතරේ තවත් පිරිස් පවසන්නේ ඉදිරි දින කීපයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහා  මැතිවරණයක් පැවැත්වීමට මෙම තීරණය ගත් බවය.

පක්ෂ මාරුවක් අතලඟ ද ?

මේ අතර 13, 14 දෙදින IMF ගිවිසුම සම්බන්ධ යෝජනාවලියක් හෝ ආර්ථිකයට  සම්බන්ධ යෝජනාවලියක්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට නියමිතව තිබේ. මෙහි දී සමගි ජන බලවේගයේ පිරිසක් ඊට පක්ෂවීමට ඉඩ ඇතැයි ද , විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂය ඊට විරුද්ධවනු ඇතැයි ද පැවසේ. එහිදී පාර්ලිමේන්තුව තුළ ඇතිවන තත්වය අනුව වහාම විසුරුවා හැරීම හෝ දිගටම පවත්වා ගෙන යාම තීරණයවනු ඇතැයි ඇතැමුන් මත පළකර තිබේ.

කැබිනට් සංශෝධනය

කෙසේ වෙතත් මේ අනුව ඉදිරි දින වලදී පිල්මාරු කීපයක්ම සිදුවනු ඇතැයි ද ඒ සමඟම කැබිනට් සංශෝධනයක් ද සිදුවනු ඇතැයි ද පැවසේ. මෙහි දී ප්‍රධාන පෙලේ කැබිනට් සංශෝධනයක් සිදුවනු ඇතැයි පැවසෙන අතර විවිධ චෝදනාවන්ට ලක්වූ ඇමතිවරුන්ගේ ඇමති ධුර මෙහි දී වෙනස්වන අතර අලුතින් රජයට එක්වන පිරිස් වලට ද ඇමති ධුර ලබා දෙනු ඇත. එසේම මෙහිදී එස්.බී. දිසානායක ඇමතිවරයාට ද කැබිනට් ඇමති ධුරයක් ලබාදීමට නියමිතය.

මේ අතර තවත් පිරිසක් පවසන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු නොවන අතර ජනාධිපතිවරණය ඔක්තෝබර් 5 වැනි දා හෝ 12  වැනි දා නියමිත පරිදි පවත්වන බවකි.

මහින්දගෙන් රතු එළියක්

රජයට අයත් ඇතැම් වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට ආණ්ඩුව ගනිමින් සිටින පියවර හේතුවෙන් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ හා පොදු මහජනතාව අතර නොසන්සුන්තාවයක් හටගෙන ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ පවසන්නේ  වත්මන් ආණ්ඩුවේ මෙම පියවරට පාදක වී ඇත්තේ පාඩු ලබන රාජ්‍ය ආයතන සඳහා වන වියදම් අවම කිරීමට‍ සහ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පනවා ඇති කොන්දේසි සපුරාලීමට බව ද පෙනෙන්නට තිබෙව බවය.

වත්මන් ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කොටස තුළ රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලින වැඩපිළිවෙළක් බවත් මහින්ද රාජපක්ෂ මහතා මතක් කරයි.

මෙවන් අවස්ථාවක රාජ්‍ය දේපොළ කඩිමුඩියේ විකුණා දැමීමෙන් රටට වැඩදායක ප්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකි බව පෞද්ගලීකරණයට පක්ෂපාත පාර්ශ්වවලට පවා අවබෝධ විය යුතුය යන්න ද ඉන් සඳහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  යෝජනා කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටුවන තුරු රජය සතු වත්කම් හෝ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන ඇති සියලු පියවර අත්හිටුවිය යුතු  බවය.

රනිල්ගේ කැබිනට් මණ්ඩලයේ පොහොට්ටු ඇමතිවරුන්ගේ ඉරණම

මේ අනුව රනිල් වික්‍රමසිංහ හා පොහොට්ටුව අතර සම්බන්ධතාවය තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ තිබේ. මේ සියල්ල අතරේ මෙතෙක් රනිල් වික්‍රමසිංහ වෙත ඍජුව සහයෝගය දැක්වූ පොහොට්ටුවේ මැති ඇමති පිරිස වෙත පොහොට්ටු නායකයන් විසින් තදබල පණිවිඩයක් ලබා දී ඇතැයි ද දේශපාලන ලෝකයේ දැඩි කතාබහට ලක්ව තිබේ. මේ සමඟම විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය වැනි කාරනා මේ අවස්ථාවේ සිදුවීම හා පාර්ලිමේන්තුවේ ඒ සඳහා අනුමැතිය ලබා ගැනීම ගැටළුවක් වනු ඇත. යම් ලෙසකින් පොහොට්ටුව හා ජනාධිපති  රනිල් වික්‍රමසිංහ අතර බරපතල විරසකයක් නිර්මාණය වුවහොත් කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් පත්වන්නේ බරපතල ගැටලුවකටය. ඒ ඉදිරි මහා මැතිවරණයක දී තරඟ කිරීම සම්බන්ධයෙනි. එවැනි අවස්ථාවක ඔවුන්ට පොහොට්ටුවේ නාමයෝජනා නොලැබුණහොත් ඔවුන්ට නව සන්ධානයකින් තරග කර යලි පාර්ලිමේන්තුවට පැමිණීමට ඇති හැකියාව ගැන දන්නේ ඔවුන්ම පමණි. පොහොට්ටුවෙන් යම් කණ්ඩායමක් තරග කරන අවස්ථාවක එක්සත් ජාතික පක්ෂයෙන් ද අපේක්ෂකයන් තරග  වදිද්දී රනිල්ට සහයෝගය දෙන පොහොට්ටු ඇමතිවරුන්ට එක්සත් ජාතික පාක්ෂිකයන් ඡන්දය ලබා දේවි දැයි නැවත සිත බැලිය යුතුය. මේ අවස්ථාවේ අංක එක නැවත පාර්ලිමේන්තුවට පැමිණීම ය.

එජාපය ගොඩගන්න වෙනසක් ඉල්ලන සංවිධායකවරු

මේ අතර එක්සත් ජාතික පක්ෂයට අලුතින් බැඳෙන පිරිස් බඳවාගැනීම  හා පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු නිසි ආකාරයට සිදු නොවන බවටත් විශේෂයෙන්ම සිරිකොත මුලස්ථානයේ කටයුතු නිසි ආකාරයට සිදු නොවන බවටත්  එක්සත් ජාතික පක්ෂ නායකත්වයට දැනුවත් කර තිබෙන්නේ පක්ෂයේ  ඇතැම් සංවිධායකවරුන්මය. පක්ෂය යලි ගොඩනැගීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයා ලෙස දරන දැඩි වෑයම සඳහා  පක්ෂයේ  වගකිවයුත්තන්ගේ සහාය ලබා නොදීමත් පක්ෂයේ සංවිධාන කටයුතු හැකියාව ඇති පුද්ගලයන් ඊට සම්බන්ධ කර නොගනීමේත් පාඩුව එක්සත් ජාතික පක්ෂයටමය.මේ නිසා මැතිවරණ ගණනාවක් ළඟ ලඟම පැවැත්වෙන බැවින් වහාම සුදුසු පියවර ගන්නා ලෙසත් පක්ෂ ව්‍යුහය වෙනස්කර ජයග්‍රාහී මාවතකට රැගෙන ආහැකි පිරිස් වෙත වගකීම් පවරන ලෙසත් එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පක්ෂයට ආදරය කරන බොහෝදෙනෙකු දැනුම් දී තිබේ.

රනිල්-බැසිල් සාකච්ඡාවේ තීරණ රැසක් – ඉදිරි දෙසතිය තීරණාත්මකයි

ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ  යන මහත්වරුන් අතර  තවත් හමුවක් පසුගිය දා  පැවැත්වී ඇත.එය ඔවුන් දෙදෙනා අතර පැවති හය වැනි සාකච්ඡාවයි.
මෙහිදී සාකච්ඡා වූ කාරනා සම්බන්ධයෙන් දෙදෙනාම කිසිවක් ප්‍රකාශ කර නැතත් බරපතල දේශපාලන තීන්දු කීපයක් මෙහි දී ගත් බව පැවසේ. මේ නිසා ඉදිරි දෙසතිය මෙරට දේශපාලන භුමියේ  තීරණාත්මක දෙසතිය බව දේශපාලන තලයේ කතාබහට ලක්ව තිබේ.  මේ දෙදෙනා අතර සාකච්ඡා එම පක්ෂ දෙකේම  ඇතැමුන් එතරම් ගනනකට නොගත්ත ද එම දෙදෙනා අතර කිසියම් එකඟතාවයක් නොමැති නම් ඔවුන් යලියලිත් සතිපතා හමුවන්නේ නැත. පිටතට මොනවා ප්‍රකාශ කළ ද මේ තරම් කාලයක් මේ රජය පවත්වාගෙන ගියේ මේ දෙදෙනා ය. මේ දෙදෙනාගේ සමානකම්ද බොහෝය. අනෙක් අතට කවුරුන් කුමක් කීව ද ඒ දෙදෙනාට ලබාගත හැකි  ඡන්ද සම්බන්ධයෙන් හා ඒවා පවතින ස්ථාන ගැන ඒ දෙදෙනාටම අවබෝධයක් තිබේ.ඇතැම් මැතිඇමතිවරුන් කුමක් එළියේ ප්‍රකාශ කළ ද ඔවුන්ගේ මන්ත්‍රීධුර බීරුනේ පොහොට්ටුව ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර නොගත් නිසාය. ඒ ඇතැම් විට කාලය ගැනීමට ද එසේත් නැතිනම් දේශපාලන හේතුමත හෝ ඒ පිටුපස වෙනත් කරුණක් තිබුණුදැයි දන්නේ පොහොට්ටු නායකයන්ම පමණි. මේවා මතුපිටින් නොපෙනෙන කාරනා නිසා සාමාන්‍ය  ජනතාව සිත සිටින දේ මීට වඩා බොහෝ වෙනස්ය. එහෙත් දේශපාලන ලෝකයේ සත්‍ය බොහෝවිට ප්‍රබන්ධ වලටත් වඩා විශ්මය ජනකය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ගොවීන්ට පොරොන්දුවක්

රටට බත සපයන ගොවියා දෙවියකු සේ සැලකිය යුතු බවත් ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය සක්‍රිය කර ජාතික ඉඩම් පරිහරණ සැලසුමක් හඳුන්වා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අම්පාරේ පැවැති සමගි ජන බලවේගයේ ගොවිජන ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ප්‍රකාශ කළේය.

මේ වාරි ශිෂ්ඨාචාරය නව යුගයට ගැලපෙන ආකාරයට සකස් කර කන්න දෙකම වගා කළ හැකි ආකාරයට සංවර්ධනය කරන බවත් මහා වාරි සුළු වාරි සියලුම වාරි යෝජනා ක්‍රම ප්‍රතිසංස්කරණය කරනා බවත් මේවා කියන විට බංකොලොත් රටේ මේවා කරන්නේ කොහොම ද කියා ප්‍රශ්න කරන බවත් නිදහසින් පසු 76 වසරක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ මෙරට පළමු වරට අංක 1ට බලයක් නොමැතිව තනතුරු තාන්න මාන්න නොමැතිව රටම සංවර්ධනය කරන එකම විකල්පය හා විපක්ෂය සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙරටට ජාතික ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් කෘෂිකර්මාන්තය තුළ තරගකාරි වාසිය සාපේක්ෂ වාසිය ලැබෙන වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් දැනුම නව්‍යකරණය ඩිජිටල්කරණය යනාදී තාක්ෂණ උපයෝගී කර ගෙන අපේ රටේ කෘෂිකර්මාන්තය ඊළඟ මට්ටමට ගෙන යා යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
අද බොහෝ දෙනකුට ගොවි විශ්‍රම වැටුප් අමතක වී ඇති මුත් සමගි ජන බලවේගයට හෝ තමාට එය අමතක වී නොමැති බවත් එය දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හරහා ගරාවැටුණු කඩා වැටුණු ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය සක්‍රීය කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ඩයනා ගමගේ සහ සමගි ජනබලවේගයේ අයිතිය

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මෙතෙක් දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී  ධුරයෙන් ඉවත් කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයකළේ ඇයගේ  බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ඔප්පුවීම නිසාය.  කෙසේ වෙතත් ඇය පසුව ප්‍රකාශකළේ ඇය දිගටම දේශපාලනයේ යෙදෙන බවත් තම ගමන නතර කරන්නට කිසිවෙකුට නොහැකි බවත්ය. කෙසේ වෙතත් ඇයට එරෙහිව මේ වන විට තවත් අධිකරණ ක්‍රියාමාර්ග ගැනෙමින් පවතී. මේ අතර ඇය ආණ්ඩුවේ ප්‍රබලයන් කීපදෙනෙකු හමුවූ අතර ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ඉවත් කර ගෙන එන ලෙසත් ඉන්පසු දිගටම දේශපාලනයේ යෙදිය හැකි බවත්ය. කෙසේ වෙතත් ඇය මන්ත්‍රීධුරය හා ඇමති ධුරය දැරීම හා එමගින් සිදුකළ පාඩුව අයකර ගැනීම සම්බන්ධයෙන් ද අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නට ඇතැමුන් කටයුතු කරමින් සිටිති. මේ අතර සමගි ජනබලවේගයේ අයිතිය සම්බන්ධයෙන් ද ඔවුන් හා සමගි ජන බලවේගයේ නායකයන් අතර මේ වන විට දැඩි මත ගැටුම් පවතී. මේවා අධිකරණමය ක්‍රියාමාර්ග වලට අවතීරණ වීමට නියමිත අතර ඉදිරි දේශපාලනයේ දී තීරණාත්මකවනු ඇත. මේ අතර සමගි ජනබලවේගය පවසන්නේ පක්ෂ ලියාපදිංචිය සම්බන්ධයෙන් ඇති නීතිරීති හා ඊට අදාළව ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නොවන බැවින් ගැටළුවක් නොමැති බවය. අනෙක් අතට සමගි ජන බලවේගයේ නාම යෝජනා අත්සන් කර ඇත්තේ එහි මහා ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාරය.

ශ්‍රීලනිප සභාපති විජයදාස -ලේකම් කීර්ති උඩවත්ත – මෛත්‍රී ඉල්ලා අස්වෙයි    

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ  නිතරගයෙන් තේරී පත්විය.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ සභාපති ධූරයට විජයදාස රාජපක්ෂ තෝරා ගනු ලැබීය.

පක්ෂයේ වැඩ බලන මහ ලේකම්වරයා ලෙස  කීර්ති උඩවත්ත  තේරීපත්විය. මේ සම්බන්ධයෙන් අධිකරණ නියෝග තිබුන ද විජයදාස තෝරාගැනුනේ වැඩබලන සභාපති ධුරයට නොව ස්ථිර සභාපති ධුරයටය. කෙසේ වෙතත් මෙය තවත් සති කීපයක් අධිකරණ හමුවේ අභියෝගයට ලක්වනු ඇත.

විජයදාසගේ පත්වීම ගැන දුමින්දලාගේ විරෝධය

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයකු වන ආචාර්ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට නම් කිරීම එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමටත් වැඩි කණගාටුදායක සිද්ධියක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක  පැවසීය.

අනීතික රැස්වීමක් පවත්වා වාරණයට ලක් වූ පිරිසක් තනතුරුවලට පත් කරගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේය.

“ඒ අය කැඳවපු රැස්වීම අනීතිකයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවල වෙනසක් නීත්‍යානුකූල මට්ටමින් සිදුවෙලා නැහැ. වාරණයට ලක්වෙච්ච පිරිසක් තමයි අද දිනයේත් අනීතික රැස්වීමක් කැඳවලා තියෙන්නේ. වාරණයට ලක් වෙච්ච පුද්ගලයන්ව ඒ අනීතික රැස්වීමේ දී නැවත වතාවක් තනතුරුවලට පත් කරලා තියෙනවා.

අපි කියන්නේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නිත්‍යානුකූලව ඉවත් විය යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයකු නොවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයකු පක්ෂයේ සභාපති කරලා. මේක එදා බණ්ඩාරනායක මහත්තයා ඝාතනය කළාට වඩා දෙයක්. තවත් විදිහකට කියනවා නම් පක්ෂය සමූල ඝාතනය කිරීමක්.

විජයදාස රාජපක්ෂ මහතා මුලින්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉවත් වෙන්න ඕන. ඊට පස්සේ ඒ පක්ෂය අපිට ඒක කියන්න ඕන. විජයදාස සාමාජිකයෙක් නොවෙයි කියලා. එතකොට තමයි විජයදාස රාජපක්ෂ මහත්තයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ඉල්ලුම් කරන්න පුළුවන් වෙන්නෙ. සාමාජිකයකු නොවන පුද්ගලයකුට පක්ෂයක සභාපති කමක් දරන්න බැහැ.” දුමින්ද දිසානායක පැවසීය.

ශ්‍රී ලංකාවේ මීළඟ ඇමරිකානු තානාපතිවරිය එළිසබෙත් කැතරීන් හෝර්ස්ට්

ශ්‍රී ලංකාවේ මීළඟ ඇමරිකානු තානාපතිවරිය ලෙස  එළිසබෙත් කැතරීන්  හෝර්ස්ට් ගේ නම යෝජනා වී තිබේ.

ජර්මනිය ,යුක්රේනය හා එස්තෝනියාවේ ඇමරිකානු තානාපති කාර්යාල වල විවිධ තනතුරු දරා ඇති ඇය තානාපතිනියක ලෙස පත්වීම් ලබන පළමු අවස්ථාව මෙයයි.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය ලෙස පත්වීම ස්ථිර වුවහොත් මෙරට සුළු ජන කණ්ඩායම්වල සාමාජිකයන්ට සහාය දැක්වීමට බලාපොරොත්තුවන බවත් ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් පිළිබඳව ඇමෙරිකාව දරන මතය තමන් ද දරන බවත් ශ්‍රී ලංකාවේ මීළඟ ඇමරිකානු තානාපතිවරිය ලෙස තේරී පත්වීමට නම යෝජනා වී ඇති එළිසබෙත් කේ හෝර්ස්ට් ප්‍රකාශ කළාය.

මෙරට සුළු ජන කණ්ඩායම් කණ්ඩායම් වලට වගවීම, සත්‍ය, සංහිඳියාව, විනිවිදභාවය සහ යුක්තිය ලබාදීම සඳහා තමන් කැපවී ක්‍රියා කරන බවද ඇය පැවැසුවාය. ශ්‍රී ලංකාවේ මීළඟ ඇමෙරිකානු තානාපතිවරිය ලෙස පත්වීම ස්ථිර කිරීම සඳහා පැවැති ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් විදේශ සබඳතා කමිටු රැස්වීමේ දී සිය ආරම්භක ප්‍රකාශය සිදු සිදුකරමින් හෝර්ස්ට් මෙම අදහස් ප්‍රකාශ කළාය.

රනිල් – මහින්ද දෙපැත්තේ ලබා ගෙන ධම්මික පෙරේරා ලෝකයට ලබාදුන් පණිවිඩය

කාන්තා හිංසනයට එරෙහි නව  ජාත්‍යන්තර අභිනයන් ලොවට හඳුන්වා දීම ව්‍යාපාරික ධම්මික පෙරේරා පසුගිය දා සිදුකළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන දෙදෙනා දෙපැත්තේ තබාගෙනය. මෙවර  පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් නම කියවෙන ධම්මික පෙරේරාගේ මෙම උත්සවයට  මේ නිසා දේශපාලන ලෝකයේ  දැඩි අවධානය යොමුව තිබිණි.
“නිදහස් අධ්‍යාපනය ලබාදුන්නට හැමෝටම එය එක මට්ටමෙන් දෙන්න හැකියාවක් ලැබුණේ නැහැ. එසේ තිබියදී ඩීපී එඩියුකේෂන් හරහා හැමටම එකම මට්ටමෙන් අධ්‍යාපනය ලැබිය හැකි අලුත් පංති කාමරයක් හදලා දුන්නා. කාලයාගේ ඇවෙනස යන වචනය බහුලව භාවිතා කළ ද නියම වෙනස සිදුකරනුයේ මේ ආකාරයේ වැඩසටහන් හරහා” යැයි, කාන්තාවන් සමාජයේදී ලිංගික හිංසනයන්ට ගොදුරුවීම වලක්වාගැනීමේ අරමුණින් ‘ඩීපී එඩියුකේෂන්’ විසින්  හිංසන විරෝධී ගෝලීය අභිනයන් සමාජගත කිරීමේ වැඩසටහන අරඹමින් පැවැති උත්සවය අමතා එහි ප්‍රධාන ආරාධිතයා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

කාන්තාවක් පොදු ස්ථානයක දී ලිංගික හිංසනයකට ලක්වන විටක, ඒ බැව් සරල අභිනයකින් බාහිරට  ප්‍රකාශ කරමින් ආරක්ෂාවීම පෙරදැරිකරගත් සංඥා (අභිනයන්) ත්‍රිත්වයක් හඳුන්වා දීම වෙනුවෙන් ඇරඹි මෙය, කාන්තාවන් සවිබලගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මකභාවයට පත් එම පන්නයේ ලොව පළමු වැඩසටහන වීම කැපී පෙනෙයි.
ඒ යටතේ කාන්තාවක් පොදු සමාජයේ සැරිසැරීමේ දී කිසිවෙකු අතින් ලිංගික හිංසනයකට ලක්වේ නම් එය හස්ත මුද්‍රාවෙන් දැක්විය හැකි ‘ඔබ මට හිරිහැරයක්’ යන අභිනයත්, ඒ බැව් අභිනයෙන් ප්‍රකාශ කර සිටිය දී තවදුරටත් එම හිංසනය ක්‍රියාත්මක වේ නම් ‘ඔබ මට හිරිහැරයක්. මට අන් අයගේ උදව් අවශ්‍යයි’ යන අභිනයත්, කාන්තාව ලිංගික හිංසනයට ලක්කළ පුද්ගලයා තමා කළ වරද තේරුම් ගතහොත් එම අභිනයන්ට ප්‍රතිචාර වශයෙන් දැක්විය හැකි ‘මට සමාවෙන්න. මම එසේ නොවෙන්නම්’ යන අභිනයත් මෙහි දී ලෝකයා හමුවේ හඳුන්වාදෙන ලදි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,  එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් නියෝජිත කුන්ලේ අදේනී ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ ගිහි පැවිදි දෙපාර්ශ්වයේම සහභාගිත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැති අදාළ උත්සවය අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, කාන්තා හිංසනයට එරෙහි වගන්ති ව්‍යවස්ථාව තුළ තිබුණි ද, ඒ උදෙසා නීති තිබුණි ද කාන්තාව හිංසනයෙන් සහමුළින්ම ගලවාගැනීමට ඒවා ප්‍රමානවත් නොවන බවත් ඒ උදෙසා මෙවැනි ක්‍රමවේදයන් ක්‍රියාත්මක වීමේ සුවිශේෂී වටිනාකමක් ඇති බවත් පැවසීය.

එසේම කාන්තාවන් සවිබලගැන්වීම සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකරදීම වෙනුවෙන් ආණ්ඩුව විසින් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මොහොතක, ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම හරහා ඩීපී එඩියුකේෂන් ඔස්සේ කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැන්නක් ක්‍රියාත්මක වීම අතිශය කාලෝචිත ගැලපීමක් බවත් ජනාධිපතිවරයා  පවසා සිටියේය.

කාන්තාවන් උදෙසා ලිංගික හිංසන විරෝධී ගෝලීය අභිනයක් හඳුන්වාදීමේ සංකල්පධාරී ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ ධම්මික පෙරේරා මෙහි දී සභාව ආමන්ත්‍රණය කරමින් තමා දියණියන් තිදෙනෙකුගේ පියකු ලෙස ලොව තවත් දියණියකට කාන්තාවකට ලැබිය යුතු ආරක්ෂාව, රැකවරණය පෞද්ගලිකව ම අගයන අයෙක් යැයි පැවසීය. එසේම ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යයනයන්ට අනුව සැකසූ පෙරපාසල් දහසක් සමඟ ‘ඩීපී කිඩ්ස්’ වැඩසටහනද, මෙරට පාසල් අධ්‍යාපනයේ යෙදෙන දරුවන් අතරින් තුනෙන් එකක් විසින් පරිහරණය කරනු ලබන ඩීපී එඩියුකේෂන් වැඩසටහන ද, පවුල් 122,000ක දරුවන් සම්බන්ධ වන ‘ඩිපී අයි.ටී කැම්පස්’ මෙන්ම පාසල් 675කට ස්මාර්ට් පංති කාමර ආදිය ද පිරිනමමින් මෙරට අධ්‍යාපනය ශක්තිමත් කිරීමට වැඩකටයුතු සිදුකිරීමෙන් නොනැවතී එයට සමාන්තරව අප සමාජයේ සාරධර්ම නැංවීමට ද තමා කටයුතු කරගෙන යන බව ද ඔහු පවසා සිටියේය.

තමන් ව්‍යාපාරයක් ඇරඹීමේදී පවා මේ රටට පමණක් නොව සමස්ත ලෝකයටම එය රැගෙන යන ආකාරයට සැලසුම් කරන්නෙක් බවත්, ඒ අනුවම කාන්තාවන් ලිංගික හිංසනයෙන් මුදා ගැනීමේ මෙම අභිනයන් ගෝලීය අභිනයන් බවට පත්කිරීමට කටයුතු කරන බවත් අවධාරණය කළේය.

මුළු ලෝකයම එකම විදිහට භාවිතා කරන සංඥා 8ක් පමණයි තිබෙන්නේ. අපි හඳුන්වා දෙන මේ සංඥා තුන ලෝකයට ගිය විට මුළු ලෝකයම එකම ආකාරයට භාවිතා කරන සංඥා ගණන 11ක් වෙයි’’ යනුවෙන්  ධම්මික පෙරේරා  මෙහිදී ප්‍රකාශකළ අතර අදාළ අභිනයන් දැක්වෙන සේ ඉමෝජි රූප තුනක් මෙන්ම මෙම වැඩසටහන ලොවට රැගෙන යන  www.dpgestures.com වෙබ් අඩවිය දියත් කිරීමද මෙහි දී සිදුවිය.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan