අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ සැපයීම සඳහා රනිල්ගෙන් විශේෂ කමිටුවක්

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ හිඟයකින් තොරව සැපයීම හා ජන ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය සහන සැලසීම සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පංච පුද්ගල විශේෂ කමිටුවක් පත් කර තිබේ.

ඒ අනුව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ හිඟයකින් තොරව සැපයීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන් පත්කර ඇත.

ඛනිජ තෙල් සැපයීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත්කර ඇත්තේ සාගල රත්නායක මහතා ය.

ඖෂධ සැපයීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා රුවන් විජේවර්ධන මහතාව පත්කර ඇති අතර පොහොර සැපයීම සම්බන්ධව කටයුතු කිරීම සඳහා අකිල විරාජ් කාරියවසම් මහතාව පත් කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

රනිල් සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහි නඩුව නොවැම්බර් 11ට කල් යයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : හිටපු ජනාධිපති රනිල්...

උද්ධමනය ගැන මහබැංකු අධිපතිගෙන් පුරෝකථනයක්!

කොළඹ LNW:දැනට පවතින8%ක උද්ධමන අනුපාතය මෙම වසර තුළ සහ...

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණයට ලෝක බැංකුවෙන් ඇ. ඩො. මි. 110 ක්.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : Ditwah සුළි කුණාටුවෙන්...