ඩොලරය රුපියල් 327ත් පන්නයි !

අද (මැයි 13) දිනයේදී ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කර ඇති දෛනික විනිමය අනුපාතික සටහන අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 327 සීමාව ඉක්මවා ගොස් තිබේ.

අද දිනයේදී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 319.7714 ක් වන අතර විකුණුම් මිල රුපියල් 327.3868 ක් බවයි එම සටහනේ දැක්වෙන්නේ.

මේ සතිය ආරම්භ වෙද්දී ඩොලරයක විකුණුම් මිල පැවතියේ රුපියල් 325.6481 ක් වශයෙනි.

රුපියල අවප්‍රමාණය වීම මේ ආකාරයෙන්ම දිගටම සිදුවන්නේ නම් 2026 වසර අවසාන වනවිට ඩොලරයක විකුණුම් මිල රුපියල් 400 මට්ටම කරා ඉහළ යා හැකි යැයි ආර්ථික විශේෂඥයින් අනතුරු හඟවා ඇති බව ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ තඹ පටි ගැහිල්ල – කෝප් කමිටුවේදී සියල්ල හෙළි වෙයි

කොළඹ LNW:ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අකුණු...