අගමැතිකම භාරගැනීම ප්‍රතික්ෂේප කළාද ? – සජිත්ගෙන් ජනපතිට යළිත් ලිපියක් …

Date:

ජනතාවගේ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් විය යුතු බවට සහ අවම වශයෙන් එසේ ඉවත් වන නිශ්චිත කාලසීමාවක් හෝ ප්‍රකාශයට පත් කළ යුතු බවට කොන්දේසි ඉදිරිපත් කළා විනා තමන් අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීම ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොකළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මැයි 12 වන දින එවන ලද ලිපියට පිළිතුරු ලිපියක් යවමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කර තිබේ.

අග්‍රාමාත්‍ය ධුරය භාරගෙන නව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ නියෝජිතයින් සහ තම නියෝජිතයින් අතර පැවති සාකච්ඡා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සහ සිහිපත් කිරීමක් සජිත් ප්‍රේමදාස මහතා සිය ලිපියෙන් දක්වා ඇත.

එමෙන්ම ජන මතයට පිටින් දැනටමත් පිහිටුවීමට යන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට සමගි ජන බලවේගයේ කිසිවෙකුත් සහභාගී නොවන බව ද විපක්ෂ නායකවරයා එම ලිපියෙන් අවධාරණය කර ඇත.

No photo description available.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිගම සභාපතිට අදත් ඝන පූරණය නෑ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් වැලිගම...

ICC ශ්‍රී ලංකා සභාපති ලෙස ජොනී ප්‍රනාන්දු පත්වෙයි!

කොළඹ LNW:දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී...

ජපාන කැබිනට් මණ්ඩලය 2026 වර්ෂය සඳහා වාර්තාගත ආරක්ෂක අයවැයක් අනුමත කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: චීනය සමඟ...