ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් පෞද්ගලීකරණය තවත් ප්‍රමාද වෙන ලකුණු

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම තවදුරටත් ප්‍රමාද වන ලකුණු පහළව ඇති බව වාර්තා වේ.

මෙම සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා උපදෙස් ලබාදීම ලසාඩ් ජාත්‍යන්තර උපදේශක ආයතනයට පවරා ඇතත් ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ වාර්තාව තවමත් ලැබී නොමැති බවයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකන් කේටරින් සමාගම සහ භූමි මෙහෙයුම් එකම ආයෝජකයකුට ලබාදෙනවාද, වෙන වෙනම ලබාදෙනවාද යන්න පිළිබඳ මෙතෙක් පැහැදිලි තීරණයකට පැමිණ නොමැති බවත් ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා පවත්වන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම යනු මෙරට රාජ්‍ය ආයතන අතරින් වැඩියෙන්ම පාඩු ලබන ආයතනයයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

(VIDEO) ගල්ගමුවේ කාවන්තිස්ස ඇතා: වැසි මැද සිදුකෙරෙන අභියෝගාත්මක ජීවිත බේරාගැනීමේ සටන

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : https://youtu.be/Twacw6y1y4k ගල්ගමුවේ මහා වනාන්තර...

අපිට තුනෙන් දෙකට ඇබ්බැහි වීමේ කිසිම අවශ්‍යතාවක් නැහැ. අපි යන්නේ ජනවරමේ සාරයට අනුව – ඇමති බිමල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආණ්ඩුවට තුනෙන් දෙකට ඇබ්බැහි වීමේ කිසිදු අවශ්‍යතාවක්...

සරණ ගුණවර්ධනගේ බිරිඳ අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : හිටපු නියෝජ්‍ය අමාත්‍ය...

දිට්වා’ වැනසූ උමා ඇළ මහා වාරි ව්‍යාපෘතියේ ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතුවල දැන් තත්ත්වය මෙන්න!

කොළඹ LNW:පසුගිය 'දිට්වා' සුළි කුණාටුවේ දරුණු බලපෑමෙන් දැඩි ලෙස...