ජාතික සම්පත් විකිණීම නවතනු – කොටුවට මහ සෙනගක්!

Date:

කොළඹ LNW:ජන පීඩක විදුලි පනත අහෝසි කරන ලෙසත් ටෙලිකොම්, රක්ෂණ, මිල්කෝ, ආයතන ඇතුළු ජාතික සම්පත් විකිණීම නවතන ලෙසත් බලකරමින් ජාතික සම්පත් විකිණීමට එරෙහි ජනතා මධ්‍යස්ථානය විසින් අද(15) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

මේ සඳහා වෘත්තීය සමිති,සිවිල් සංවිධාන සහ බහුජන සංවිධාන රැසක් සහභාගි වූ අතර කේ.ඩී.ලාල්කාන්ත,මහින්ද ජයසිංහ,රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව මාළිගාකන්ද අධිකරණය විසින් නියෝගයක් ද නිකුත් කර තිබුණි.

එම නියෝගයේ දැක්වුණේ විරෝධතාකරුවන් ඩීන්ස් පාර, ටී බී ජයා මාවත, ටෙක්නිකල් හංදිය, ඉබ්බන්වල හංදිය වැනි ප්‍රදේශවලදී මහජනතාව අපහසුවට පත්වන ආකාරයෙන් කටයුතු නොකළ යුතු බවයි.

කෙසේවෙතත් එම විරෝධය කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවති අතර ඊට විශාල පිරිසකගේ සහභාගීත්වයක් දක්නට ලැබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න 

සියලුම ඡායාරූප නරඹන්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෙතන්‍යාහු සහ ට්‍රම්ප්ගේ ඊළඟ ඉලක්කය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල අගමැති බෙන්ජමින්...

අධි අවදානම් කලාපවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගැනේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ආපදාවට ලක්වූවන් වෙනුවෙන්...

Najib Razak ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (26) දින...