සංඝාධිකරණ පනත බලාත්මක කිරීමට පියවර

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  සංඝාධිකරණ පනත නව සංශෝධන සහිතව බලාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, මේ වන විට කෙටුම්පත් කර ඇති එම පනත සංශෝධන සහිතව බලාත්මක කිරීම හරහා ශාසනික කටයුතු පිළිබඳව මතුවන ගැටලු විසඳා ගැනීමට හැකිවනු ඇති බවත් , කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා තවදුරටත් මෙසේ පැවසීය .

“සාසනික කටයුතු පිළිබඳ මතුවන ගැටලු විසඳීම සඳහා සංඝාධිකරණයක් අවශ්‍ය වුණොත් එවැනි සංඝාධිකරණ නිර්මාණය කරගැනීම සඳහා පාර්ලිමේන්තුවට බලය දෙන බවට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරපු සම්පාදකයෝ ප්‍රතිපාදන හදලා තියෙනවා. ඒ ප්‍රතිපාදනවලට අනුකූලව අපි කෙටුම්පත් කරපු සංඝාධිකරණ පනත අවශ්‍ය නම් තවත් වැඩිදියුණු කිරීම් සහිතව ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසර දෙනවා නම් කෙටි කාලයකින් සාසනයේ ගෞරවය වඩාත් සුරක්ෂිත වෙන ලෙස ආරක්ෂා කරගනිමින් ඒ කටයුතු කරන්න අවශ්‍ය නීතිය සම්පාදනය කිරීමේ හැකියාව අපට තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ කටයුත්ත සාර්ථකව ඉටුකරන්න.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...