*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

පක්ෂයෙන් ඉවත් වූ හැරිසන්ගේ ප්‍රකාශයට සජබ මහලේකම්ගෙන් පිළිතුරු

සමගි ජන බලවේගයෙන් ඉවත්ව යළි එක්සත් ජාතික පක්ෂයට එකතු වීමට පී. හැරිසන් මහතා ගත් තීරණය වැරදි තීරණයක් බවත් සජබ ප්‍රාදේශීය සභා නියෝජිතයින් කිසිවෙකුත් හැරිසන් මහතා සමග පක්ෂයෙන් ඉවත්ව ගොස් නැති බවත් සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

“එතුමා එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා මේ පක්ෂයට එද්දීත් කළේ ඔය වගේ ප්‍රකාශයක්. මම දන්න විදියට කිසිම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් එතුමාත් එක්ක යන්නෙ නෑ. එතුමාට වෙන පක්ෂවලට ගිහිල්ලා ජනමතය ඒ මතය ඒ පක්ෂවල නෑ. මේ සමගි ජන බලවේගයත් එක්ක තමයි බිම්මට්ටමේ ඉන්න සියලුම සාමාජිකයෝ, පාක්ෂිකයෝ, ඡන්ද දායකයෝ ඉන්නේ. ඒ හින්දා එතුමා අපරාදේ එතුමාගේ දේශපාලන ජීවිතයට විශාල හානියක් කරගන්නේ. එතුමා පක්ෂයේ උප සභාපතිකෙනෙක්, එතුමා දැන් පක්ෂයෙන් අයින් වෙනවා, කිසි ප්‍රශ්නයක් නෑ. කොහොමත් ඉතින් පක්ෂයේ සාමාජිකත්වය නැතිවෙනකොට තනතුර කොහොමත් නැතිවෙනවානෙ. අපේ මන්ත්‍රීවරුන් කවුරුත් ගියේ නෑ. මෙතුමා හිටපු මන්ත්‍රීවරයෙක්. එතුමා ගැන පෞද්ගලිකව මොකුත් කියන්න යන්නෙ නෑ. නමුත් එතුමා ගත්තෙ වැරදි තීන්දුවක් ඉතින්. එහාට මෙහාට පැන පැන ඉඳලා කවදාවත් දේශපාලනයේ ජයග්‍රහණ ලබන්න බෑ”

රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව පැවසුවේ පී. හැරිසන් මහතා සජබ පක්ෂයෙන් ඉවත් වන බවට ඊයේ සිදුකළ ප්‍රකාශය පිළිබඳව අද (15) දිනයේදී නෙත් එෆ්. එම්. ගුවන් විදුලි නාලිකාව සමග අදහස් දක්වමිනි.

RN

සබැඳි පුවත් –

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan