පක්ෂයෙන් ඉවත් වූ හැරිසන්ගේ ප්‍රකාශයට සජබ මහලේකම්ගෙන් පිළිතුරු

Date:

සමගි ජන බලවේගයෙන් ඉවත්ව යළි එක්සත් ජාතික පක්ෂයට එකතු වීමට පී. හැරිසන් මහතා ගත් තීරණය වැරදි තීරණයක් බවත් සජබ ප්‍රාදේශීය සභා නියෝජිතයින් කිසිවෙකුත් හැරිසන් මහතා සමග පක්ෂයෙන් ඉවත්ව ගොස් නැති බවත් සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

“එතුමා එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා මේ පක්ෂයට එද්දීත් කළේ ඔය වගේ ප්‍රකාශයක්. මම දන්න විදියට කිසිම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් එතුමාත් එක්ක යන්නෙ නෑ. එතුමාට වෙන පක්ෂවලට ගිහිල්ලා ජනමතය ඒ මතය ඒ පක්ෂවල නෑ. මේ සමගි ජන බලවේගයත් එක්ක තමයි බිම්මට්ටමේ ඉන්න සියලුම සාමාජිකයෝ, පාක්ෂිකයෝ, ඡන්ද දායකයෝ ඉන්නේ. ඒ හින්දා එතුමා අපරාදේ එතුමාගේ දේශපාලන ජීවිතයට විශාල හානියක් කරගන්නේ. එතුමා පක්ෂයේ උප සභාපතිකෙනෙක්, එතුමා දැන් පක්ෂයෙන් අයින් වෙනවා, කිසි ප්‍රශ්නයක් නෑ. කොහොමත් ඉතින් පක්ෂයේ සාමාජිකත්වය නැතිවෙනකොට තනතුර කොහොමත් නැතිවෙනවානෙ. අපේ මන්ත්‍රීවරුන් කවුරුත් ගියේ නෑ. මෙතුමා හිටපු මන්ත්‍රීවරයෙක්. එතුමා ගැන පෞද්ගලිකව මොකුත් කියන්න යන්නෙ නෑ. නමුත් එතුමා ගත්තෙ වැරදි තීන්දුවක් ඉතින්. එහාට මෙහාට පැන පැන ඉඳලා කවදාවත් දේශපාලනයේ ජයග්‍රහණ ලබන්න බෑ”

රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව පැවසුවේ පී. හැරිසන් මහතා සජබ පක්ෂයෙන් ඉවත් වන බවට ඊයේ සිදුකළ ප්‍රකාශය පිළිබඳව අද (15) දිනයේදී නෙත් එෆ්. එම්. ගුවන් විදුලි නාලිකාව සමග අදහස් දක්වමිනි.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...