*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

රාජ්‍ය සේවයේ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීම අද (15) සිට අනිවාර්යයි.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  රාජ්‍ය සේවකයින් පැමිණීම සහ පිටවීම සඳහන් කිරීමේ දී ක්‍රියාත්මක වූ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීම අද (15) සිට අනිවාර්ය කර ඇත.

ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී. එන්. රංජිත් අසෝක මහතාගේ අත්සනින් යුතුව පසුගිය 12 වනදා නිකුත් කර තිබුණු අතර , කොවිඩ් වසංගත තත්ත්වය සමග පසුගිය වසර කිහිපයේ දී මෙම ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය තාවකාලිකව අත්හිටුවා තිබුණි .

ඒ හරහා ඇතැම් සේවකයින් වාසි ලබාගත් බවට තොරතුරු වාර්තා වීමත් සමග මෙම පියවර ගත් බව අමාත්‍යාංශය සඳහන් කරන අතර , ඇතැම් සේවකයින් සිය ආයතන සඳහා උදෑසන 10ට පමණ පැමිණ,  පැමිණීමේ සහ පිටවීමේ ලොග් පොතෙහි පැමිණි වේලාව ලෙස සඳහන් කර ඇත්තේ උදෑසන 8 බව ද වාර්තා වේ.

එලෙස සඳහන් කර ඇති බොහෝ සේවකයින් අතිකාල දීමනා ලබාගෙන ඇති අතර, මෙම තත්ත්වය වැඩි වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ දක්නට ලැබෙන බවත් වාර්තා වන අතර  මින් ඉදිරියට එවැන්නක් සිදුනොවීමට අද සිට සියලු රාජ්‍ය සේවකයින් සඳහා මෙලෙස ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය අනිවාර්ය කර කර ඇති බව දැනුනා දෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan