වෛද්‍ය සිසුන්ට පොලීසියෙන් ජල ප්‍රහාරයක්!

Date:

සිසු නායක දඩයම වහා නවතනු !
නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය වනසන වෛද්‍ය උපාධි කඩ ගෙන ඒමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරදවමු!
යන සටන් පාඨ මුල් කරගෙන වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මෙහෙය වීමෙන් විරෝධතා පා ගමනක් අද(16) දින දහවල් කොළඹ දී පැවැත්විනි.

මෙම විරෝධතා පා ගමන අද දහවල් කොළඹ නෙළුම් පොකුණ අසලින් ආරම්භ කොට හෝටන් පෙදෙසට පිවිස බොරැල්ල දෙසට ගමන් කල අතර හෝටන් පෙදෙස කින්සි පාර අසලදී පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කොට පා ගමන නතර කෙරුනි.
පසුව වෛද්‍ය ශිෂ්‍ය නායකයින් විසින් එම ස්ථානයේදීම සභාව ඇමතීමෙන් පසුව පිරිස විසිර ගියහ.
මෙම පාගමන හේතුවෙන් පෙදෙස අවට දැඩි වාහන තදබදයක් පැවැති අතර අද ලිප්ටන් වට රවුම සහ ඒ අවට පොලීසිය, පොලිස් කැරලි මර්දන ඒකකය, යුධ හමුදාව, විශේෂ කාර්‍ය බලකාය යොදවා තිබෙනු දක්නට ලැබුනි.


සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...