අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන 29 වනදා ආරම්භවේ.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසුවේ, සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනවල පවත්වන බවය.

අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ…

“මේ රට තියෙන්නේ තියෙන තැන ගැන අපි හිතන්නට ඕනේ වැඩිහිටියෝ හැටියට. අපි ඉස්සර කරපු හැමදෙයක්ම කරන්න බැහැ. තාම අපි පසුගිය අවුරුද්දේ වුණ පසුබෑමෙන් ක්‍රමාණුකූලව නැගිටිනවා. මම හිතන්නේ ගුරුවරු නම් ඕක ප්‍රශ්නයක් කර ගන්නේ නැහැ. ඊට වඩා වැදගත් උත්තර පත්‍ර පරික්ෂාව කරන එක. දැන් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. විශ්වවිද්‍යාල ආචාර්යවරුත්, ගුරුවරුත් ඒ කටයුත්තේ සම්පූර්ණයෙන් යෙදිලා ඉන්නවා. අපි මිඩංගු වුණ කාලය අවම කරගෙන අපි බලාපොරොත්තු වුණ කටයුත්ත කරන්න. සාමාන්‍ය පෙළ විභාග නියමිත දිනවලදීම පවත්වන්න විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යනවා.”

ඒ අනුව 2022 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන 29 වනදා ආරම්භ කිරීමට නියමිතය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත්කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නව...

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් වන Anas al-Sharif සහ Mohammed Qreiqeh යනු කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරිදා එනම් ඊයේ...

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රා.ස. මන්ත්‍රී වෙඩි වැදී ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: වෙඩි වැදීමකින් බරපතළ තුවාල...

වර්ථමාන මීටර් 400 සහ සුගත්ගේ මිටර් 400

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ...