මහජන බැංකුවේත් මිලියන 656ක් වැඩිපුර ගෙවලා – නැවත අයකරගැනීම් සිදුවන බවට නිවේදනයක්

සටහන – රුවන් නෙළුගොල්ල

මහජන බැංකුව විදේශ මුදල් හුවමාරු සඳහා භාවිතා කරන ප්‍රේෂණ පද්ධතියක් තුළ 2023 මැයි සිට 2026 මාර්තු දක්වා කාලය තුළ එක් මුදල් ඒකකයකින් විනිමය අනුපාතිකය පරිවර්තනය වීමේදී සිදුවූ දෝෂයක් හේතුකොටගෙන යම් ගනුදෙනුකරුවන් පිරිසකට ලැබිය යුතු මුදල් ප්‍රමාණයට වඩා වැඩිපුර මුදල් ලබාදී ඇතැයි මෑතකදී හඳුනාගත් බව මහජන බැංකුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම බැංකුව පවසන්නේ මේ නිසා සිදුවූ ඇස්තමේන්තුගත මූල්‍ය බලපෑම රුපියල් මිලියන 656ක් බවත් එය අදාළ ගනුදෙනුකරුවන්ගෙන් නැවත අයකරගැනීමේ ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ කර ඇති අතර එය සාර්ථකව සිදුවෙමින් පවතින බවත් ය.

මේ සම්බන්ධයෙන් මහජන බැංකුව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

මීට පෙර ලංකා බැංකුවේ මෙහෙයුම් පද්ධති දෝෂයක් හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ කොන්ත්‍රාත්කරුවන් පිරිසකට රුපියල් මිලියන 263කට අධික මුදලක් වැරදීමකින් ප්‍රේෂණය වී ඇති බව වාර්තා වී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්බර බන්ධනාගාරයේ වෙඩිතැබීමක්. පළායාමට තැත් කළ රැඳවියෙක් මරුට !

පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයෙන් පළායාමට තැත් කළ රැඳවියෙකු බන්ධනාගාර නිලධාරියකු...

ඉන්ධන මිල වැඩි කෙරේ !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

සුව සේවාව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 නොවැම්බර් කලාපය නිබ්බුතා නූන සා මාතා,...