ශ්‍රී ලංකාවට IMF වෙතින් ප්‍රසංශා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 18, කොළඹ (LNW): ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාව මෙතෙක් ලබා තිබෙන ආර්ථික ප්‍රගතිය අගය කිරීමකට ලක්කොට තිබෙන බව පැවසේ.

එහිදී සඳහන් වන්නේ, මෙම සතියේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව ලබා තිබෙන ප්‍රගතිය පැසසුමට ලක්කර ඇති බවයි.

IMF සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක්, විසින් රටේ ප්‍රශංසනීය සාර්ව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව අවධානය යොමු කරමින් මේ පිළිබඳව කරුණු දක්වා ඇත.

එහිදී වේගවත් උද්ධමනය අඩුවීම සහ ස්ථාවර ආර්ථික වර්ධනයක් ඉස්මතු කරවීම පිළිබඳව අවධානය යොමුකළ බව සඳහන් වේ.

තවද ශ්‍රී ලංකාව පුද්ගලික සහ නිල ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීමට අපේක්ෂා කරන බවද එහිදී IMF සන්නිවේදන අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කර තිබෙන බව සඳහන් වේ.

අර්බුදයෙන් පසු බලාපොරොත්තු වූවාට වඩා වේගවත් ආර්ථික ප්‍රකෘතියක් සඳහා මග පාදමින් දේශීය ණය මෙහෙයුම් බොහෝ දුරට සම්පූර්ණ කර ඇති බවද IMF සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් විසින් ප්‍රකාශ කර තිබෙන බව වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...