කමල් අද්දරආරච්චි එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට?

ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මහමැතිවරණයට තරඟ කිරීමට සුදානම්ව සිටි බව ඔහු හෙළිකර ඇත.

2015 වසරේ යහපාලන ආණ්ඩුව බිහි වීමෙන් පසු ඔහුට රටට වැඩක් කිරීම සඳහා මහජන නියෝජිතයෙකු ලෙස පත් ජනතා ඡන්දයෙන් පත්වීමේ කැමැත්තක් ඇති වූ බවත් ඒ අනුව ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයෙකු ලෙස තරඟ කිරීමට තමන් සුදානම් වූ බවත් කමල් අද්දරආරච්චි මහතා සඳහන් කර තිබෙන්නේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

කෙසේ වෙතත් ඒ සඳහා දිස්ත්‍රික්කයක් තෝරා ගැනීමේදී වූ ගැටළු පිළිබඳව සාකච්ඡාවේදී කරුණු හෙළි කර තිබෙන අතර, අවසානයේ පාඨලි චම්පික, රාජිත සේනාරත්න ඇතුළු පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට පැමිණීමත් සමඟ ඔවුන්ට අපේක්ෂකත්වය ලබාදීමට සිදුවීමෙන් තමන්ට ඇති වූ අවස්ථාව අහිමි වී ගිය බවද අද්දරආරච්චි මහතා මෙහිදී සඳහන් කර ඇත.

කෙසේ වෙතත් එම අවස්ථාවේ තමන්ට කණගාටුවක් ඇති වූ ද මැතිවරණය අවසන් වී මාස කිහිපයක් ගතවන විට මහ බැංකු බැඳුම්කර සිද්ධිය ඇතුළු සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවට චෝදනා එල්ල වන විට තමන්ට අපේක්ෂකත්වය අහිමිවීම සම්බන්ධයෙන් සතුටක් ඇති වූ බවද කමල් අද්දරආරච්චි මහතා මෙම සංවාදයේදී ප්දවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...