*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් කෑගල්ලේ අනතුරක්!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 18, කොළඹ (LNW):බස් රථදෙකක් එකිනෙක ගැටීමෙන් කෑගල්ල, ගලිගමුව, කෝට්ටපල් මංසන්ධියේ  සිදුවූ අනතුරකින් පුද්ගලයන් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙම අනතුර සිදුවුනේ, මහනුවර සිට අවිස්සාවේල්ල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් හා අවිස්සාවේලේලේ සිට කෑගල්ල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් ගැටීමෙන් බව සඳහන් වේ.

මහනුවර සිට අවිස්සාවේල්ල බලා ධාවනය කෙරෙමින් තිබූ බස් රථය වෙනත් බස් රථයක් පසුකරගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේදී අනතුර සිදුවී ඇති අතර, තුවාල ලැබූ අය තොරණගහපිටිය රෝහලට ඇතුළත් කර ඇත. එහිදී බරපතල තත්ත්වයේ පසුවූ කිහිප දෙනෙකු කෑගල්ල මහරෝහලට මාරු කර යවා තිබෙන බවත්, සිද්ධියෙන් ගලිගමුව අවිස්සාවේල්ල මාර්ගය පැයක පමණ කාලයක් අවහිර වූ බවත් ප්‍රදේශවාසීන් පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan