*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

යටි අරමුණු පරාජය කරමු !

විවිධ උද්ඝෝෂණ, විරෝධතා හා සටන්පාඨ පැවැතිය ද ජනාධිපතිවරයා යනු වාර්තාගත ඡන්දයකින් සිය ධුරය සඳහා පත් වූ රාජ්‍ය පාලකයෙකි. ඔහු සතු ධුර කාලය තවම අවසන් වී නැත. රටේ අර්බුද ගණනාවක් ගොඩනැඟී ඇති බව සැබෑවක් වුව, ඒවා විසඳීම සඳහා රාජ්‍ය නායකයා අවංක උත්සාහයක යෙදී සිටී. මේ අසීරු අවස්ථාවේ ජනාධිපතිවරයා වෙත අප්‍රසාදය පළ කිරීම සඳහා යෝජනාවක් ගෙන ඒම නිත්‍ය ලෙසම අවස්ථාවාදී දේශපාලනයේ තවත් එක් ජවනිකාවක් පමණි. එය පරාජය වීමෙන් පෙනී යන්නේ ඇතැම් දේශපාලන පක්ෂවල යටි අරමුණු ඉටු කර ගන්නට ආණ්ඩුවේ සාමාජිකයන්ගෙන් ඉඩක් නැති බවය.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා සිය තනතුර භාර ගැනීමෙන් පසු සභාව අමතා කළ කථාව අප කාගේත් අවධානයට ලක් විය යුතු කරුණුවලින් සමන්විතය. ඔහු පෙන්වා දුන් වැදගත් කරුණු හතරක් උපුටා දක්වන්නට කැමැත්තෙමු. පළමුවැන්න: පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් දෙසිය විසි පහම රටේ ප්‍රශ්න විසඳීමට එකතු විය යුතු බවය. දෙවැන්න: පාර්ලිමේන්තුව කෙරෙහි මහජන විශ්වාසය ඇති වන අයුරින් ක්‍රියා කිරීමට මහජන නියෝජිතයන් වග බලා ගත යුතුය යන්නය. තෙවැන්න: පාර්ලිමේන්තුවේ කාල කළමනාකරණය ඉතා වැදගත් බවය. හතරවැන්න: පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සාමූහිකව ක්‍රියා කරමු යන්නය. පවතින අර්බුදය විසඳීම සඳහා එම කරුණු හතර හොඳින් ගළපා ගත හැකිය.

මහජන උද්ඝෝෂණවලදී නැඟෙන චෝදනාවලට අනුව මහජන නියෝජිතයන් දෙසිය විසිපහම ප්‍රතික්ෂේප කළ යුතුය. සමස්ත පාර්ලිමේන්තුව කෙරෙහිම ඇතැමුන් තුළ ඇත්තේ දැඩි කෝපයකි. එය රටේ සියලු පුරවැසියන්ගේ අදහස නොවිය හැකිය. එහෙත් බහුතරයේ මතය ඒ යැයි සිතන්නට කරුණු තිබේ. මෙයින් පෙනී යන්නේ පාර්ලිමේන්තුව කෙරෙහි පැවති මහජන විශ්වාසය බිඳවැටී ඇති බවය. රාජ්‍ය පාලනයේදී මහජන විශ්වාසය යන්න ඉතා වැදගත්ය. මහජනයාට පාලකයන් පත් කිරීමේ අයිතිය මෙන්ම පාලකයන් ඉවත් කිරීමේ අයිතිය ද තිබිය යුතු යැයි බොහෝදෙනා තර්ක කරති. එය බැහැර කළ නොහැකි තර්කයකි.

  • ඇත්ත facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan