*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

මන්ත්‍රීවරුන්ගෙ ගෙවල් ආරක්ෂා කරන්න බැරි පොලීසියෙන් වැඩක් තියනවද ? – බන්දුල

උගුරට ලේ රහ දැනෙන තුරු, මේස් බැනියමට දාඩිය දමන තුරු ලක්ෂ 03 කට අධික පිරිසකට බුද්ධිය ලබාදුන් තමා රටට කරඇති හානිය කුමක්ද යන්න පිළිබඳව පසුගිය දිනවලදී තමා කල්පනා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. පසුගිය 09 වැනිදා සිය නිවසට ගිනි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

සංසාර ගමනේ කිසිදු අවස්ථාවක මන්ත්‍රී නිළ නිවසක, ඇමති නිළ නිවසක ජීවත් නොවූ තමා, දහඩිය මහන්සියෙන් ගොඩනැගූ නිවස ගිනිබත් වීම සම්බන්ධයෙන් අතිශය කණගාටු වන බවද සඳහන් කරනවා.‍

සිය නිවස ගිනි තබන අවස්ථාවේදී පොලීසිය, යුද හමුදාව සිදුකළේ කුමක්දැයි ප්‍රශ්න කිරීමට සිදුවන බව පෙන්වා දෙන බන්දුල ගුණවර්ධන මහතා, රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අහසට වෙඩි තැබීමට හෝ අසමත් පොලීසිය කුමකටදැයි ප්‍රශ්න කරනවා. පොලීසිය හා හමුදාව එම අවස්ථාවේදී කිසිවක් සිදු නොකරන බලා සිටි බව වාර්තා වී ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

මැයි 09 වැනිදා රටපුරා සිදු වූ අපරාධ සාධාරණීකරණය කිරීමට කිසිවෙකුටත් නොහැකි බවත්, අගතියට පත් වූ මහජන නියෝජිතයන් ඇතුළු සියලුදෙනාට යුක්තිය ඉටුවිය යුතු බවත් බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan