*
Friday, April 26, 2024
spot_img

Latest Posts

මහජන කැළඹීමක් ඇති විය හැකි බැවින් ඇප ප්‍රතික්ෂේප වෙයි.සනත්,මිලාන් ඇතුළු සැකකරුවන් 25 දක්වා රිමාන්ඩ්

ගාළුමුවදොර සහ අරලියගහ මන්දිරයේ අවට සාමකාමී අරගලයේ යෙදුණු පිරිසට පහරදුන් බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රි සනත් නිශාන්ත,මිලාන් ජයතිලක,හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා සහ දෙහිවල ගල්කිස්ස නගර සභා සේවකයෙක් වන සුභාෂ් ප්‍රනාන්දු යන අය ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (18) නියෝග කළේය.

සියලු පාර්ශ්වයන්ගේ කරුණු සහ සාක්ෂි සම්පිණ්ඩන සැලකිල්ලට ගනිමින්,තවදුරටත් තුවාලකරුවන් රෝහල් ගතව සිටින බැවින් සහ ඇප ලබාදීමෙන් මහජන කැළඹීමක් සිදුවිය හැකි බැවින් සහ තවදුරටත් විමර්ශන සිදුකරන බැවින් මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් බැවින් සුදුසු නියෝගයක් කරන ලෙස සිදු කළ ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරයා ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙසත් පාර්ලිමේන්තු සැසි සදහා සහභාගි කරවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් බන්ධනාගාර කොමසාරිස් වරයාට නියෝග කළේය.

හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා සහ දෙහිවල ගල්කිස්ස නගර සභා සේවකයෙක් වන සුභාෂ් ප්‍රනාන්දු යන දෙදෙනාම ඉදිරි දින ආවරණ සහිතව පෙරට්ටුවට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන් ට නියෝග කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ලෙස මීට වඩා වගකීම් සහගතව කටයුතු කළ යුතු බවට අධිකරණයේ නිරීක්ෂණය බවද මෙහිදී මහේස්ත්‍රාත් වරයා කීවේය.

හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා සහ දෙහිවල ගල්කිස්ස නගර සභා සේවකයෙක් වන සුභාෂ් ප්‍රනාන්දු යන අය අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිපති දෙපාර්තමේන්තුව හඳුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ඔවුන් ඉදිරිපත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා එහිදී කරුණු දක්වමින් කියා සිටියේ ”ආවරණ කර ගෙන ඒම හරි. ඊයේ රූපවාහිනී ඔවුන්ගේ ඡායාරූප පෙන්නුවා. එය මෙම සැකකරුවන්ට අගතියක්. මම පෙරට්ටුවට විරෝධය දක්වනවා. අවලංගු කරන ලෙස ඉල්ලා සිටිනවා.අමල් සිල්වා නමින් හඳුනාගෙන තිබෙනවා කියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිව්වා. යනුවෙනි.

එහිදී පෙරට්ටුව අවලංගු කිරීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා සිටියේය.

සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙදෙනා සාක්ෂිකරුවන් වන ළහිරු චතුරංග වීරසේකර සහ තවත් සාක්ෂිකරුවන් කිහිපදෙනෙක්ව ”ගහපියව් මරපියව්” යනුවෙන් පහරදුන් කියා සිටි බවත් ඔවුන් හදුනාගෙන ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය

එහිදී සනත් නිශාන්ත මන්ත්‍රිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ යූ.ආර් ද සිල්වා මහතා කියා සිටියේ පහර දුන්නේ තම සේවා දායකයාට බවය. ඔහුගේ ආධාරකරුවන් එම ස්ථානයට ගිය බව කියා සිටි ඒ මහතා ළහිරු වීරසේකර යන අයගේ ක්‍රියාදාමය රටම දන්නා බවත් කියා සිටියේය.

මෙහිදී මහේස්ත්‍රාත් වරයා විමසා සිටියේ,”මේ සාක්ෂි දෙක පමණද තියෙන්නේ. ළහිරු වීරසේකර යන අයට මෙම අධිකරණයේ මෙවැනි නඩු ගණනාවක් තියෙනවා.මේ අයට එරෙහිව ඇති පර්වේෂනීය සාක්ෂි ඇතුළු සාක්ෂි ඉදිරිපත් කළ යුතුයි.යනුවෙනි.

මිලාන් ජයතිලක මන්ත්‍රිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රසීක් ෆාරුක් මහතා කරුණු දක්වමින් කියා සිටියේ ඉදිරිපත් කරන කරුණු සියල්ල අසත්‍ය කරුණු බවයි.

එම සිද්ධිය සමථයකට පත් කිරීමට ඔවුන් එහි ගිය බව අධිකරණයට දන්වා සිටියේය.

මෙම සිද්ධියෙන් සැකකරුවන් ගේ නිවාස ඇතුළු සියල්ල විනාශ වී ගිය බවත් මෙම සිද්ධිය ඇප දිය හැකි වරදක් බවත් කියා සිටියේය.
ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අගතියට පත් පාර්ශව වෙනුවෙන් කරුණු දක්වමින් පැවසුවේ,”මෙම නඩුව ලංකාවේ අවධානය යොමු වූ නඩුවක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සදහා කාලයක් ගත වේවි. අරලියගහ මන්දිරයේ රැස්වීම කුමන්ත්‍රණය කිරීම සදහා කළ රැස්වීමක්. පොලු අතට දුන්නේ කවුද? පෙර සූදානමක් තියෙනවාද? මේක සුළු තුවාල කිරීමක් නෙවෙයි. ඇවිද ගෙන ගියේ පිරිත් කියන්න නෙවෙයි. පරීක්ෂණ සදහා සාධාරණ කාලයක් දිය යුතුයි. මෙය ඇප දිය නොහැකි වරදක්.”යනුවෙනි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රියාස් ෆාරී මහතා,”මෙහි පහරකෑමට ලක් වූ අය තවමත් ප්‍රතිකාර ලබනවා. මේ අය ඉදිරිපත් වුණේ නැහැ. ඇප මත මුදා හැරියොත් නැවත මහජන කැළඹීමක් ඇති වේවි. ඇප දීමට විරෝධය පළ කරනවා.”

ජනාධිපති නීතිඥ යූ.ආර් ද සිල්වා මහතා,”ඒක අසත්‍යයක්. මම ලිඛිතව දැනුම් දුන්නා. අපි එන්න සූදානම් කිව්වම එහෙම එපා. අත්අඩංගුවට ගත් බවට ගන්න ඕන යැයි දැනුම් දුන්නා.අත්අඩංගුශට ගැනීම පාර්ශව එකගතාවයක් මත සිදු වුණා.” යනුවෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan