සටහන – පුලී
මැයි 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ආදරය පවා ඩිජිටල්කරණය වූ යුගයක ආදරය යන භූමිකාවට භූගෝලීය සහ සමාජීය වශයෙන් මිනිසුන් සම්බන්ධ වන ආකාරය විප්ලවීය ලෙස වෙනස් වෙමින් පවතී. අන්තර්ජාල තාක්ෂණයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ මිනිසුන්ට ආදරය, මිත්‍රත්වය හෝ සරල සංවාදයක් පැවැත්වීමට පවා ඩේටින්ග් යෙදුම් මත යැපීම අදකාලේ සුලබ කරුණකි.
එක් බොත්තමක් ක්ලික් කළ පමණින් ආදර සම්බන්ධයක් ඇති කරගැනීමට දැන් ඔබට පුළුවන. ඒ වැඩෙත් හරියට කජු කනවා වගේය. මිලියන ගණනක ජනතාව මෙම ඩේටින්ග් ඇප්ස් හරහා තම තමන්ගේ උවමනා එපාකම් වලට සුදුසු සහකරුවන්, සහකාරිනියන් හොයන්නේ දිවා රෑ නොබලාය.
එහෙත් මෙම පහසුව පිටුපස අඳුරු යථාර්ථයක් පවතී. වර්තමානය වනවිට මෙහි පරිශීලකයින් තුළ විශේෂයෙන් කාන්තාවන්, LGBTQ+ ප්‍රජාවන් මුහුණ දෙන සයිබර් හිරිහැරවල වර්ධනය වන රැල්ලක් නිර්මාණය වී තිබේ. මෙම ගැටලුකාරී තත්ත්වය සයිබර් හිංසනය ලෙස හඳුන්වනු ඇත.
සයිබර් හිංසනය සිදුවියහැකි අවධීන්;
සයිබර් හිංසනය ගැන කතා කිරීමේදී ස්ත්‍රී පුරුෂ භාවය හෝ ලිංගික දිශානතිය නොසලකා ඕනෑම කෙනෙකු මෙහි ඉලක්කයක් බවට පත්විය හැකිය.
- අනුමැතියක් නොමැතිව යවන ලද ලිංගික පණිවිඩ
- බලහත්කාරකම්
- පෞද්ගලික තොරතුරු අනාවරණය කිරීම්
- සංවේදී භාෂාව හැසිරවීම, වෛරීය පණිවිඩ යැවීම
බලහත්කාරකම්, තර්ජන, අනුකරණයන් සහ බ්ලැක්මේල් වැනි උපක්‍රම මත සිදුවන මෙම කායික මානසික වශයෙන් බලපාන හිංසන ක්‍රියාවලියන් තුළින් බොහෝ විට වින්දිතයින් බියෙන් හෝ ලැජ්ජාවෙන් නිහඬව සිටිනු ඇතැයි උපකල්පනය කරයි.
නිහඬ පිළිවෙත නොසලකා නීතිමය ක්‍රියාවලියකට යාම දිගු හා චිත්තවේගීය වශයෙන් ඔළුවට බර විය හැකි වුවද, ශක්තිමත් නීති උපදෙස් සහ ප්‍රජා සහයෝගයෙන් ඊට එරෙහිව සාධාරණයක් සහ සහනයක් ලබා ගැනීමට හැකියාව පවතිනු ඇත.
විශේෂයෙන් සයිබර් හිංසනයට ගොදුරු වූවන් තරුණ පුද්ගලයින් වේ.

ඇතිවන සයිබර් හිංසනයන් විසඳීමේ අභියෝග;
උලුප්පා දී ඇති සැලකිය යුතු අභියෝගවලින් එකක් වන්නේ ඩේටින්ග් ඇප්ස් පිළිබඳ දැඩි ප්‍රතිපත්ති සහ වාර්තා කිරීමේ යාන්ත්‍රණයන් නිසිලෙස නොමැතිකමයි.
මීට අමතරව;
- නම නොදක්වා යෙදුම් භාවිතය (මෙමඟින් එහි අනන්‍යතාවය සෙවීමේ මූලික ගැටලුව පවතී.)
- පරිශීලක ආරක්ෂාව පිළිබඳ අවධානය නොදැක්වීම (වාර්තා කිරීම් සඳහා විවිධ පද්ධති ඇතත්, එය ක්‍රියාත්මක වන මට්ටම සැලකිය යුතු පසුබැස්මක පවතී.)
- සංස්කෘතිකත්වය ආරක්ෂා කර ගැනීම සහ ඔලුවට නොගැනීම ( “මෙහෙම වෙන එක සාමාන්‍යයි” යන අදහස නිසා ඕනෑවට වටා ඒ පිළිබඳ අවධානයක් යොමු නොකිරීම)
බොහෝ මෙවැනි සමාජ මාධ්‍ය වේදිකා තුළ සිදුවන අඩත්තේට්ටම් හඳුනා ගැනීමට සහ වැළැක්වීමට ප්‍රමාණවත් පියවර නොමැති අතර, යම් සිදුවීමක් වාර්තා වූ විට, ලැබෙන ප්‍රතිචාර බොහෝ විට මන්දගාමී හෝ අකාර්යක්ෂම වේ.
මෙම ක්‍රියාමාර්ග නිසිලෙස නොමැතිකම හේතුවෙන් සයිබර් අවකාශයේ හිංසනයට ලක් කරන්නන් වැළැක්වීමට අසමත් වනවා පමණක් නොව, වින්දිතයින් ඉදිරියට පැමිණීම ද අධෛර්යමත් කරනු ඇත.

මෙවැනි සයිබර් හිංසනයන්ට එරෙහිව විසඳුම්;
වඩා හොඳ සත්‍යාපන ක්‍රියාවලීන්, කාර්යක්ෂම වාර්තාකරණ පද්ධති සහ මධ්‍යස්ථකරණය ඇතුළු ශක්තිමත් ආරක්ෂක වැටක් ක්‍රියාත්මක කිරීම උදෙසා අවධානය යොමු කිරීම ඉතා වටිනා ක්‍රියාවකි.
- සත්‍ය තොරතුරු වලින් යුතු account වලට වරප්රසාදයන් ලබාදීම
- වෙළඳ නීති හා යෙදුම් විධිමත් කිරීම
- අධ්‍යාපනමය වැඩසටහන් (පරිශීලකයින්ට digital safety පිළිබඳ දැනුවත් කිරීම)
- AI තුළින් offensive content වහාම හඳුනාගෙන ඉවත් කිරීමට කටයුතු කිරීම
මේ වනවිට සමාජයේ දැකගත හැකි නමුත් ඔබට ඒ පිළිබඳ මනා දැනුමක් නැති ඩේටින්ග් ඇප්ස් පිළිබඳ සැලකීමේ දී;
- Bumble යෙදුම unsolicited nude images blur කිරීමේ AI තාක්ෂණයක් හඳුන්වා දී තිබීම.
- Tinder හි offensive messages පිළිබඳ ප්‍රධාන පණිවිඩ හඳුනාගෙන, පරිශීලකයාට “report කිරීමක් කරන්නද?” යන්න විමසීමක් සිදු කිරීම.
- Grindr වැනි LGBTQ+ යෙදුම්වල block/report පහසුකම් වැඩි කර තිබීම.

මෙම ක්‍රියාමාර්ග සෑමවිටම සාර්ථක නොමැති අතර, බොහෝ විට ප්‍රතිචාර දක්වන්නේ ස්වයංක්‍රීය පණිවිඩයකින් ය.
අතීතයේ තිබූ ලස්සන ආදර වදන් දැන් සයිබරයේ සයිවරයක් වී හමාරය. ඉඳින් සාමූහික සබඳතා සෙවීම සඳහා ඩේටින් ඇප්ස් භාවිතා කිරීම යහපත් දෙයක් ලෙස දකින සමාජයක හිත්වල කෝ බං ආදරේ?!