අද (19) දේශබන්දු පාර්ලිමේන්තු කමිටුව හමුවට!

රෂිකා හෙන්නායක මැයි 19, කොළඹ LNW :

සේවය අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ ධූරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු කමිටුව හමුවට අද (19) කැඳවා ඇත.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පසුගිය සති කිහිපය තුළ එම කමිටුව පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස් වී මූලික විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් මහතාට කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ කාරය සභා කාමර අංක 08 හීදී අද පස්වරු 02.00ට එම විමර්ශන කමිටුව රැස් වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...