‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තායිලන්ත ජාතිකයෙකු බන්ඩාරනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක මැයි 19, කොළඹ LNW :

රුපියල් මිලියන 79ක වටිනාකමින් යුත් ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තායිලන්ත ජාතිකයෙකු ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

වයස අවුරුදු 21ක් වූ සැකකරු, බැංකොක් සිට ක්වාලාලම්පූර් හරහා පැමිණි මැලේසියානු ගුවන් සමාගමේ MH0179 ගුවන් යානයෙන් පැමිණි අතර, ඔහුගේ ගමන් මලු තුළ සඟවා තිබූ කිලෝග්‍රෑම් 7.91 ක ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන් විසින් සොයා ගනු ලැබීය. 

රේගු නිලධාරීන් සඳහන් කර සිටියේ ,එහි වටිනාකම රුපියල් මිලියන 79 ක් පමණ වන බවයි. රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් මේහි විමර්ශන මේ වනවිට පවත්වනු ලබන අතර සැකකරු සහ සොයාගත් මත්ද්‍රව්‍ය තොග පොලිස් මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයට භාරදීමට නියමිත බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...