රෂිකා හෙන්නායක මැයි 19, කොළඹ LNW :
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල වත්මන් තත්ත්වයට අනුව ප්‍රමුඛස්ථානය ඔස්ට්‍රේලියාව විසින් රැකගෙන ඇති අතර, ඉන්දියාව සිය දක්ෂතා වර්ධනය කරගනිමින් තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත. මීට පෙර ඉහළින් සිටි එංගලන්තය සිව්වන ස්ථානය දක්වා පසුබැස ඇති බවත්, ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 86ක් ලබාගෙන හත්වන ස්ථානයේ පසුවන බවත් මෙහි සඳහන් වේ. දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය වැනි අනෙකුත් ප්‍රබල රටවල් ලබාගෙන ඇති ස්ථාන පිළිබඳවද මෙහි දත්ත ඉදිරිපත් කර ඇත. සමස්තයක් ලෙස මෙමගින් ලොව පුරා විසිරී ඇති ප්‍රධාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම්වල වත්මන් දක්ෂතා සහ පසුබෑම මනාව පැහැදිලි කරයි.
ඒ අනුව, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය හෙවත් ICC ය විසින් නවතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කිරීම් වලට අනුව ,
- ලෝක ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබෙන අතර ඔවුන් ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 119ක්.
- දෙවන ස්ථානයේ දකුණු අප්‍රිකාව පසුවන්නේ ප්‍රසාද ලකුණු 104ක් ලබාගෙනයි.
- මීට පෙර මෙම ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානයේ පසු වූ ඉන්දියාව ප්‍රසාද ලකුණු 104 ලබාගෙන ඉදිරියට පැමිණ ඇත්තේ, තෙවන ස්ථානය දක්වායි.
තෙවන ස්ථානයේ පසුවූ එංගලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු 102ක් ලබාගනිමින් සිව්වන ස්ථානය දක්වා පසුබැස තිබීම විශේෂත්වයක්.
නවසීලන්තය සහ පාකිස්තානය පස්වන සහ හයවන ස්ථානවල පසුවෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 86ක් සමගින් රැඳී සිටින්නේ 07 වන ස්ථානයේ.
08, 09, 10, 11 සහ 12 වන ස්ථානවල බංග්ලාදේශ, අයර්ලන්තය, සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්ථානය යන කණ්ඩායම් පසුවෙයි.



