දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය යළි ගොඩගැනීමට ඉල්ලීමක්

0
327

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය යළි ගොඩගැනීමට අවසර දෙන ලෙස පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ මහතාගේ මරණයට හේතුව නීර්ණය කිරීම සඳහා ඔහුගේ දේහය යළි ගොඩගෙන පරීක්ෂා කළ යුතුව ඇති හෙයින් ඒ සඳහා අවසර ලබාදෙන ලෙසයි වෛද්‍ය මණ්ඩලය ඊයේ (18) ලිඛිතව අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

ඒ අනුව, පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද කැඳවා නියෝගයක් ලබාදීම සඳහා නඩුව කැඳවීමට අධිකරණය දින නියම කර ඇත.

RN