දින තුනක් තුළ පාස්පෝට් එක නිවසටම එවන ක්‍රමවේදයක් – ආගමන විගමන පාලක

Date:

ජුනි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ට ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍රය දින තුනක් තුළ නිවසටම ලබාදීමේ ක්‍රමවේදයක් සූදානම් කර ඇති බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසයි.

“ඇත්තටම අපි පැහැදිලිව කිව්වා ජනතාවට කලින් වෙන්කර ගත්ත දිනවල එන්න, අනිත් අයට එන්න එපා කියලා. නමුත් අපට පේනවා සමහර වෙලාවට බස්වලින්, වෑන්වලින් ගෙනත් මිනිස්සුන්ව මෙතෙන්ට බස්සනවා ගමන් බලපත්‍ර සකසා ගැනීම සඳහා. මට තේරෙන්නෙ නෑ ඇත්තටම ඒ සංවිධානාත්මක ක්‍රමවේදය කුමක්ද කියලා. ඇත්තටම දැන් ඔබ ගිහින් බැලුවත් දෙපාර්තමේන්තුවේ ‘පියස’ පරිශ්‍රය හිස් සීට් තියෙනවා, නමුත් මිනිස්සු ඇවිල්ලා වාඩිවෙන්නෙ නෑ. මිනිස්සු එක්කො එළියෙ ඉන්නවා. දැන් මේ එළියෙ ඉන්න ගොඩක් පිරිස ගමන් බලපත්‍ර සකසා ගන්න ආපු අය නෙවෙයි. ඒ අයත් එක්ක ආපු ඥාති, මිතුරො, හිතුවතුන්. අපට දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ අවශ්‍ය පහසුකම් දෙන්න පුළුවන් ගමන් බලපත්‍ර සකසා ගන්න එන අයට පමණයි. අර අනිත් එන අයට අපට පහසුකම් දීමේ හැකියාවක් නෑ”

ප්‍රශ්නය – මෙතන එල්ල වෙන චෝදනාවක් තමයි මේ තැරැව්කරුවන් ඇවිල්ලා සිකියුරිටි එකේ අයත් අල්ලාගෙන සල්ලි අරන් පෝලිම්වල ඉස්සරහට දානවා කියන එක ?

“නිලධාරීන් විසින් ඒ තැරැව්කරුවන් යම් ප්‍රමාණයක් අත් අඩංගුවට ගත්තා, ඒ ක්‍රියාවලිය දිගින් දිගටම සිද්ධ වෙනවා. ඒ වගේම අද දින සිට මෙතනට එන කිසිදු තැනැත්තෙක් අපි එළියෙ තියන්නෙ නෑ. ඒ සියලු දෙනාවම අපි පරිශ්‍රය ඇතුළට කඩිනමින් ගන්නවා, මොකද එළියෙ හිටියොත් තමයි මෙවැනි තැරැව්කරුවන්ට අහුවීමේ ඉඩකඩ තියෙන්නෙ.

අපි ඇත්තටම ජුනි මාසෙ ක්‍රියාත්මක කරන වැඩසටහනේදී එළියට නෙවෙයි කොළඹට ගෙන්නා ගන්නෙත් නෑ. දින තුනක් ඇතුළත ඔබගේ ගමන් බලපත්‍රය රජයේ තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඔබ වෙතට ලබාදීමට අවශ්‍ය මූලික කටයුතු සූදානම් කරලා තියෙනවා”

හර්ෂ ඉලුක්පිටිය මහතා මේ බව පැවසුවේ ඊයේ (18) දිනයේදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...