ඔක්කොම බයවෙලා ඉන්නෙ අපට. මේ සැරේ නම් වංගු දාන්න තැනක් නෑ – සමන්ත විද්‍යාරත්න

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සියලුම දෙනා මේ වනවිට ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය හමුවේ බියට පත්ව ඇති බව ජාජබ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

“රෑට රෑට හීනෙන් බයවෙනවා වගේ රාජපක්ෂවරු බයවුණාම ඉල්ලනවා පාර්ලිමේන්තු මැතිවරණයක්. එතකොට රනිල් වික්‍රමසිංහ බයයි පාර්ලිමේන්තු මැතිවරණයට. එයා කැමතියි ජනාධිපතිවරණයට. එනිසා අපට පේන්නෙ මේ ඔක්කොම බයවෙලා තියෙන්නෙ වෙන මොකටවත් නෙවෙයි මාලිමාවට. මොකද, පහුගිය පළාත් පාලන ඡන්දය කල්දැම්මෙත් ඇත්තටම ඔවුන්ගෙ පරාජය නියත නිසානෙ. මේ සැරේ නම් වංගු දාන්න තැනක් නෑ”

සමන්ත විද්‍යාරත්න මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (19) එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...