ඔක්කොම බයවෙලා ඉන්නෙ අපට. මේ සැරේ නම් වංගු දාන්න තැනක් නෑ – සමන්ත විද්‍යාරත්න

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සියලුම දෙනා මේ වනවිට ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය හමුවේ බියට පත්ව ඇති බව ජාජබ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

“රෑට රෑට හීනෙන් බයවෙනවා වගේ රාජපක්ෂවරු බයවුණාම ඉල්ලනවා පාර්ලිමේන්තු මැතිවරණයක්. එතකොට රනිල් වික්‍රමසිංහ බයයි පාර්ලිමේන්තු මැතිවරණයට. එයා කැමතියි ජනාධිපතිවරණයට. එනිසා අපට පේන්නෙ මේ ඔක්කොම බයවෙලා තියෙන්නෙ වෙන මොකටවත් නෙවෙයි මාලිමාවට. මොකද, පහුගිය පළාත් පාලන ඡන්දය කල්දැම්මෙත් ඇත්තටම ඔවුන්ගෙ පරාජය නියත නිසානෙ. මේ සැරේ නම් වංගු දාන්න තැනක් නෑ”

සමන්ත විද්‍යාරත්න මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (19) එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එදවස සොඳුරුමය එතරම්….

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : පොතක වරුණ.. එදවස සොඳුරුමය 7...

එක තැන පල්වෙන දුම්රිය නිලධාරීන්ට ඇමතිගෙන් යස පාඩමක්. අවසාන වොර්නින් එකත් දෙයි!

කොළඹ LNW:මගී ජනතාව වෙනුවෙන් දුම්රිය සේවය නිසි පරිදි ලබා...

ලෝක කුසලානය පෙනි පෙනී අතපත්තු අත්පත් කර ගත් ජය

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: කැරිබියන් කාන්තා ප්‍රිමියර් ලීග් සූරතාවලියේ ජයග්‍රහණය...