(VIDEO):නීතිය අනුව ජනාධිපතිවරණය ඉස්සර වුණත් ඊට කලින් පාර්ලිමේන්තු ජන්දේ එනවා නම් හොඳයි – අතනොහරින පොහොට්ටුවේ අපේක්ෂාව

කොළඹ LNW: නීත්‍යානුකූලව ජනාධිපතිවරණය පැවැත්වීමට දින වකවානු නිශ්චිතව පවතින අතර පාර්ලිමේන්තුවට වසර දෙකහමාරක් සම්පූර්ණ වීමෙන් අනතුරුව එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය තිබෙන නමුත් එම තීරණය ගත යුත්තේ ජනාධිපතිවරයා වන අතර පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහස බැසිල් රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කර තිබෙන බව එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසුවේය.

ඒ, අද (20) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

කෙසේවෙතත් ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට ශක්තිමත්ව සිටින බවයි කාරියවසම් මහතා පැවසුවේ.

මේ අතර පළමුව පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර නොමැති බවත් පක්ෂයක් ලෙස සිය මතය ප්‍රකාශ කිරීමක් පමණක් සිදුකර තිබෙන බව හෙතෙම කියාසිටියේය.

එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා ප්‍රථමයෙන් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයා අපේක්ෂාවෙන් සිටින බවට උඅදයන්ග වීරතුංග මහතා සිදුකර තිබෙන ප්‍රකාශ හුදෙක් ඔහුගේ පෞද්ගලික අදහසක් වනු ඇති බවද සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලලිත්-කුගන් නඩුව සම්බන්ධයෙන් ගෝඨාභය අධිකරණය හමුවේ පෙනී සිටියි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW: 2011 වසරේදී යාපනයේදී දේශපාලන...

කොළඹ නගරයේ වාහන තදබදයට පිළියම් සොයමින් නව මෙට්‍රෝ බස් 112ක් ධාවනයට එක්වෙයි!

කොළඹ LNW:කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වඩාත්...

ඥානසාර හිමිගේ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා නීතිපතිගෙන් මෝසමක්!

කොළඹ LNW:ජනාධිපති සමාව අහෝසි කරනු ලැබූ පූජ්‍ය ගලගොඩ අත්තේ...

නඩු දෙකටම නාමල් යළි රිමාන්ඩ්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින්...