රාජ්‍ය ඇමති රෝහණගෙන් ඩිපෝ කළමනාකරුවෙකුට මරණ තර්ජන !

රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක විසින් මාතලේ දිස්ත්‍රික් ලංගම ඩිපෝ කළමනාකරුට මරණීය තර්ජන එල්ල කර තිබේ.

ඒ, මාතලේ, රත්තොට – රිවර්ස්ටන් හරහා ලග්ගල, වැලිගම, මහියංගණය දක්වා දිවෙන මාර්ගයට බස් රථයක් යෙදවීම හේතුවෙනි.

මාතලේ දිස්ත්‍රික්කයේම තවත් රාජ්‍ය ඇමතිවරයකු වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ ඉල්ලීමක් අනුව මෙම බස් රථය අදාළ ප්‍රදේශයේ පාසල් සිසුන් ඇතුළු ජනතාවගේ පහසුව වෙනුවෙන් යොදවා ඇති අතර එයින් උරණ වූ රෝහණ දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා අසභ්‍ය වචනයෙන් බැන වදිමින් ඩිපෝ කළමනාකරුට තර්ජනය කර ඇති බව සඳහන්.

RN