මුලින් එන්නේ ජනාධිපතිවරණය.ඒකේ දෙකක් නෑ – රත්නප්‍රිය

Date:

කොළඹ LNW:රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මුලින් ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙන බව ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.

මුලින් පැවැත්වෙන්නේ මහ මැතිවරණය බවත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරඟ නොකරන බවත් උදයංග වීරතුංග,ඩිලාන් පෙරේරා වැනි අය කර තිබෙන ප්‍රකාශ එකපැත්තකින් අවලාද බවත් තවත් පැත්තකින් උපක්‍රම බවත් තවත් අතකින් තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර මුදුන්පත් කර ගැනීමට සිදුකරන ප්‍රකාශ බවටත් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යාමේ හැකියාව ජනාධිපතිවරයාට ඇතත් මේ මොහොත වන විට රට සූදානම් වන්නේ ජනාධිපතිවරණයකට වන අතර ජනාධිපතිවරයා සූදානම් වන්නේත් ජනාධිපතිවරණයකට බවයි හෙතෙම අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...