සටහන – රෂිකා හෙන්නායක
මැයි 21, කොළඹ (LNW): ජූනි මස 8 හම්බන්තොට දිස්ත්‍රික්කය පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව පිහිටුවනු ලබන නව සන්ධානයේ ප්‍රථම රැළිය හා ජනහමුව අම්බලන්තොට මංසන්ධියේ දී පැවැත්වීමට නියමිත බව පැවසේ.
මෙම ප්‍රථම ජන රැළිය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතාගේ මෙහෙයවීමෙන් සංවිධානය කිරීමට පියවර ගෙන ඇති අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව පිහිටුවීමට යෝජිත නව සන්ධානයේ පළමු රැළිය විශාල ජන සහභාගීත්වයකින් යුක්තව පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ප්‍රමුඛ දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් එම රැළියට සහභාගීවීමට දැනටමත් කැමැත්ත පළ කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටී.
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2024/05/LNW-Newsroom-ad-at-the-bottom-Sin-1-107-1024x137.png)