‘සුවවිරු කාඩ්පත්’ යළි සක්‍රීය කිරීමට අවධානය!

කොළඹ LNW:රජයේ රෝහල් මගින් සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේදී විශ්‍රාමික රණවිරුවන් මුහුණ දෙන ගැටළු, අපහසුතා මගහරවා ගැනීමට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා හමු වී සාකච්ජාවක් පවත්වා තිබේ.

යුද භූමියේදී සටන් වැද දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් හා විශ්‍රාමික /වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ යුද හමුදා සාමාජිකයන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සමීපතමයන් රජයේ රෝහල් මගින් සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේදී විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන අවස්ථා බොහොමයක් නිරීක්ෂණය වී ඇති බවයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා පෙන්වා දී තිබුණේ.

”යුධ සමයේ සහ විජයග්‍රහණයෙන් වසර කිහිපයක් යනතුරු හමුදා සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල් වල සමීපතමයන් වෙත සමාජයේ ඉහළ පිළිගැනීමක් පැවතියද අද වන විට එය ක්‍රමයෙන් හීන වෙමින් පවතී. ඇතැමුන්ට මේ රටේ යුද්ධයක් තිබූ බව පවා අමතකව වී ඇත.

විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, රජයේ රෝහල් මගින් පහසුකම් ලබා ගැනීමේදී ඇතැම් රණවිරුවන් හට රෝද පුටුවේ රැඳී සිටිමින් හෝ කිහිලිකරුවෙන් නැගී සිටිමින් ඔවුන් මුහුණ දෙන අසීරු තත්වයන් යටතේ පවා දිගු පෝලිම් වල රැඳී සිට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිදුව ඇත.

ඇතැම් අවස්ථා වලදී දුර බැහැර ප්‍රදේශ වල සිට ප්‍රතිකාර සඳහා කොළඹට හෝ වෙනත් ප්‍රධාන නගර වෙත පැමිණීමට සිදු වන අතර එවැනි අවස්ථා වලදී ආබාධ සහිත රණවිරුවන් දිගු පෝලිම් වල රැඳී සිටීමෙන් තවදුරටත් ඔවුන් අපහසුතාවයට පත් වේ.”

ඒ අනුව රටේ යහපත වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්, විශ්‍රාමික රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සමීපතමයන් රජයේ රෝහල් මගින් සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේදී සිදු වන ගැටළු මඟ හරවා ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිලිබඳ මෙන්ම ඔවුන්ට එම පහසුකම් ලබා ගැනීමේදී ප්‍රමුඛත්වය ලබා දීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන ‘සුවවිරු කාඩ්පත්’ නැවත සක්‍රිය කිරීමේ ක්‍රියාවලිය පිලිබඳව ද එහිදී සාකච්ඡා කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...