පියා සහ පුතු දෙදෙනාම එකම බන්ධනාගාර වාට්ටුවට!

Date:

රෂිකා හෙන්නායක මැයි 22, කොළඹ LNW :

රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ල ද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එම් ටූ වාට්ටුවේ රඳවා සිටින බව වාර්තා වේ. 

බන්ධනාගාර ආරංචි පැවසුවේ, ඒ අනුව හිටපු අමාත්‍යවරයා සමඟ ඔහු ද එම බන්ධනාගාර වාට්ටුවේ රඳවා සිටින බවයි. පසුගියදා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද රඳවා සිටින්නේ එම බන්ධනාගාර වාට්ටුවේයි. 

ඒ අනුව මේ වන විට රැඳවියන් 11 දෙනෙකු එම් ටූ වාට්ටුවේ රඳවා සිටින බවයි. රමිත රඹුක්වැල්ල ඊයේ පස්වරු 06.00ට පමණ එම බන්ධනාගාරය වෙත රැගෙනවිත් තිබෙන අතර, ඔහු එලෙස බන්ධනාගාරය වෙත පැමිණ ඇත්තේ වෛද්‍ය උපකරණයක් ද රැගෙන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් කළ විමසීමකදී ප්‍රකාශ කර ඇත්තේ රාත්‍රී කාලයේදී ස්වසන අපහසුතාවලට ලක්වන අවස්ථාවලදී එම උපකරණය තමන් භාවිත කරන බවයි. 

කෙසේවෙතත් අදාළ උපකරණය ඔහුට භාවිත කිරීමට අවස්ථාව ලබා දෙන්නේ බන්ධනාගාර වෛද්‍යවරුන් ලබාදෙන නිර්දේශ මත බවද බන්ධනාගාර ආරංචි පවසයි.

බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවේ, ඒ අනුව රමිත රඹුක්වැල්ලගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා බන්ධනාගාර වෛද්‍යවරයෙකු එම බන්ධනාගාරයට පැමිණීමට නියමිත බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල

සටහන - රුවන් නෙළුගොල්ල මැදපෙරදිග රටවල සැඟව සිටින මෙරට මත්ද්‍රව්‍ය...

සිතුවමින් ලොව ජය ගත් රටට ඩොලර් ගේන නිහඬ සිත්තරාවී තිළිණි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : තමන්ගේ ගේ දොර...

“Michael” පොප් ලෝකයේ අමරණීය නැට්ටුක්කාරයාගේ යටගියාව එක් සිනමාංගයකින් 2026 දී!

සටහන – පුලී නොවැම්බර් 09, කොළඹ (LNW):සිනමා විශ්වයන් තිර ආධිපත්‍යය...

අය වැය සහ ක්‍රීඩාව

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් වෙන්...