කඩවත – රාගම මාර්ගයේ නැලිගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටින පුද්ගලයෙකුට පොලිස් නිලධාරියෙකු විසින් පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වෙමින් තිබේ.
අදාළ පොලිස් නිලධාරියා ඉතාමත්ම අසභ්‍ය ලෙස එම පුද්ගලයාට බැනවදිමින් පහරදෙමින් ඔහුව ඇදගෙන යන ආකාරය ද එයින් පෙන්නුම් කෙරේ.
සාමාන්‍ය ජනතාවට එක් ආකාරයකටත් තමන්ගේ නිලධාරීන්ට වෙනමම ආකාරයකටත් නීතිය ක්‍රියාත්මක කරමින් සිටින ශ්‍රී ලංකා පොලිසිය මේ වනවිට ජනතාව අතර ඉතාම බරපතළ ලෙස අප්‍රසාදයට පත්ව ඇත.
RN