චම්පික අද සිට පන්සලෙන් පැන්සලට !

පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් නවතම දේශපාලන පක්ෂය අද (22) එළිදැක්වීමට නියමිතව තිබේ.

“එක්සත් ජනරජ පෙරමුණ” නමින් යුත් එම දේශපාලන පක්ෂයෙහි ඡන්ද ලකුණ වන්නේ ‘පැන්සල’ යි.

එම පක්ෂය එළිදැක්වීමේ උත්සවය අද පස්වරු 03.00 ට මහරගම ජාතික තරුණ සේවා සහා ශ්‍රවණාගාරයේදී ආරම්භ කිරීමට නියමිතය.

දශක තුනකට අධික කාලයක් තිස්සේ මෙරට සක්‍රිය දේශපාලනයෙහි නිරත වී සිටින පාඨලී චම්පික රණවක මහතා සිහළ උරුමය, ජාතික හෙළ උරුමය, 43 වැනි සේනාංකය වැනි පක්ෂ සහ සංවිධාන රැසකට නායකත්වය දී ඇති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය වැනි ප්‍රධාන පක්ෂ සමග සන්ධානගතව මැතිවරණවලට තරගවැදී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...