*
Friday, April 26, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 05/22

  1. කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර සහ කැලණිය විශ්වවිද්‍යාල අවට ආරක්ෂාව තර කරන හා රාත්‍රී මුර සංචාර වැඩි කරන මෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට උපදෙස් දෙයි: විශ්ව විද්‍යාල පරිශ්‍රවල සොරකම් ඉහළ යාම මත අදාළ විශ්ව විද්‍යාලවල උප කුලපතිවරුන් විසින් කළ ඉල්ලීමක් අනුව මෙම පියවර ගෙන ඇති බව සඳහන්.
  2. “එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය අනුමත කිරීමට සහ ඊට සහාය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වූ” බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි: රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට සහාය ඉතා වැදගත් බව පවසයි: රට බංකොලොත්භාවයෙන් මුදවා ගෙන සෞභාග්‍යය කරා ගෙන යාමට සියලු දෙනා එකතු වී වෙහෙස වී වැඩ කළ යුතු බව ද අවධාරණය කරයි.
  3. ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය ලිපි නිකුත් නොකරන අතර, අයදුම්කරුවන් තම අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් අදාළ පාසලට යොමුකළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
  4. තම ප්‍රකාශය තුළින් බෞද්ධ භික්ෂූන්, බෞද්ධයන්, හින්දු පුද්ගලයන් සහ මුස්ලිම් පුද්ගලයන්ට සිත් රිදවීමක් වූයේ නම් සමාව අයදින බව ‘දෙවියන්ගේ දිවැසිවරයකු’ ලෙස හඳුන්වා ගන්නා පාස්ටර් ජෙරෝම් ප්‍රනාන්දු පවසයි: ආගමික අසමඟිය ඇතිකරන සුළු ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනා මත විදෙස් ගමන් තහනමකට ලක්ව සිටින ප්‍රනාන්දු නැමැත්තා මේ වන විට සිටින්නේ විදෙස්ගතව වන අතර, යළි දිවයිනට පැමිණීමට නියමිත බව සඳහන්.
  5. ශ්‍රී ලංකාව දිනකට හඳුනා ගැනුනු ඉහළම කොවිඩ් ආසාදන සහ කොවිඩ් ආශ්‍රිත මරණ සංඛ්‍යාව ද සමඟින් ඉකුත් සෙනසුරාදා දින නව ආසාදන 15 සහ මරණ 03 වාර්තා කරයි: සක්‍රිය ආසාදන සංඛ්‍යාව 61: සමස්ත ආසාදන සංඛ්‍යාව 672,357: සමස්ත මරණ සංඛ්‍යාව 16,864: කොවිඩ් වසංගතය ආරම්භයේ සිට වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව අනුව රටවල් 231 කින් ශ්‍රී ලංකාව දැනට ස්ථාන 80 ක් පිටුපසින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරයි.
  6. 2023 මාර්තු වල පෞද්ගලික අංශයේ ණය රු. බිලියන 107.6 ක අඩුවීමක් වාර්තා කරයි: පෙබරවාරි මස පැවති රු. බිලියන 57.6 ක සංකෝචනයට වඩා දෙගුණයක අඩුවීමකි: මාර්තු කාර්තුවේ බැංකු මූල්‍ය වාර්තා ද අහිතකර පෞද්ගලික ණය තත්ත්වයන් පෙන්නුම් කරයි: බැංකු පද්ධතියෙන් රජයට ලබා දුන් ණය රු. බිලියන 97.2 කින් ඉහළ ගොස් ඇත: රාජ්‍ය සංස්ථා වෙත ලබා දුන් ණය රු. බිලියන 118.9 කින් අඩුව ඇත.
  7. දැඩි ආහාර අර්බුදයක ගිලී සිටින ශ්‍රී ලංකාවට දකුණු කොරියාවේ සහාය ලැබීම ‘තීරණාත්මක’ සාධකයක් වන බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ දකුණු ආසියාතික දේශීය නියෝජිත අබ්දුර් රහීම් සිද්ධික් පවසයි: දකුණු කොරියාවට ස්තූතිවන්ත වෙමින් කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (Korea International Cooperation Agency) හරහා ශ්‍රී ලංකාව සමඟ ලෝක ආහාර වැඩසටහනේ ‘අර්ථවත් හවුල්කාරිත්වය’ සිහිපත් කරයි: 2022 සිට පැවති ආර්ථික අර්බුදයේ උච්ඡතම අවස්ථාව වන විට ශ්‍රී ලංකාවේ නිවාස 10 කින් 03 කට ආසන්න ප්‍රමාණයක් ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන බව හඳුනා ගෙන ඇති බව ද පවසයි.
  8. යල කන්නයේ වගාව සඳහා වී ගොවීන්ට හෙක්ටයාරයකට රු. 20,000 ක් බැගින් වූ වවුචර්පත් අද සිට ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි: ගොවීන් 650,000 කට තම වගා කටයුතු සඳහා රසායනික හෝ කාබනික පොහොර මිලදී ගැනීමට මෙම වවුචර්පත් ලබා දීම සඳහා රජය විසින් රු. බිලියන 10ක් වෙන් කර ඇත: මෙමඟින් ගොවීන්ගේ නිශ්පාදන පිරිවැය අවම කිරීම අපේක්ෂා කරයි.
  9. ගෝලීය රියැලිටි සංගීත ප්‍රසංග මාලාවක් වන “The Voice” හි ශ්‍රී ලාංකික අනුවාදය වන “The Voice Sri Lanka” තරඟාවලියේ “The Voice Sri Lanka 2023” හි අවසාන මහා තරඟය ජය ගැනීමට රමීශ් සෂිංක හෙවත් “රමියා” සමත් වෙයි.
  10. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ලෝක රග්බි ආයතනය සමඟ තම පළමු සන්නිවේදනය 2023 මැයි 11 දිනැති ලිපියක් මඟින් සිදුකරයි: ක්‍රීඩා අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පාලන ආයතනය වන අතර, “සියලු ක්‍රීඩා සම්මේලන රටේ නීතිය යටතේ ලියාපදිංචි කර පිළිගත යුතු” බව පවසයි; ජාතික ඔලිම්පික් කමිටුවට “ආසියා රග්බි වැනි ජාත්‍යන්තර සංවිධානයක් විසින් ගනු ලබන තීරණයක්” සම්බන්ධයෙන් ලිපි නිකුත් කිරීමට බලයක් නොමැති බව අවධාරණය කරයි: මෙම ලිපිය ප්‍රතිප්‍රහාරයට ලක්වෙමින් ශ්‍රී ලංකා රග්බි ලෝක රග්බි සාමාජිකත්වයෙන් ද ඉවතට විසි වෙයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan