*
Friday, March 29, 2024
spot_img

Latest Posts

වසන්තයට විනෝදය මුසු කළ කඩුල්ලක් මත මැණිකක්

වසන්තය විනෝදය සඳහාය.එය සැණකෙළි සිරි උසුලන්නේය.මලල කීඩාවේ වසන්තය සහ විනෝදය එකටම රැඳෙන තැනකට පිවිසෙන්නට මට රත්නපුරෙඒදී හැකි විය.ජාතික මට්ටමේ ජයග්‍රහණ සහිත මලල ක්‍රීඩකයෙක් වෙන ජානක වසන්ත කුමාර ක්‍රීඩක ජීවිතයේ උකහාගත් දැණුම මතු පරපුරට බෙදන පුහුණුකරුවෙකි.ඒ වෘත්තීය ජීවිතයේ ඔහු ඔහුගේත් රටේත් විනෝදය පිණිස වන ජයග්‍රහණ ගෙන දිය හැකි ක්‍රීඩකයෙක් සොයා ගෙන ඇත.ඔහු විනෝද් ආරියවංශය.



කොරියාවේ ඇරඹෙන්නට නියමිත ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 කඩුලු නියෝජනය විනෝද් ය.කලකට පෙර ජානක වසන්ත කුමාර රට වටේ දිනන විටත් ඔහුව මැණික් උපදින රත්නපුරයට මැණිකක් බව දැණුනේ නැත.ලංකාවේ මැණික් එක්කම නම කියවෙන සල්ලි ඇති බොහෝ පිරිස් වෙත මානව සම්පත් වර්ධනය කිරීමට ක්‍රීඩාව හොඳම අවස්ථාවක් වන්නේ එහි මේ පොළවෙන් සීමා නොවී බැදුණ ව්‍යාපාරික ප්‍රචාරනයක් ද ඇති නිසාය.නමුත් තවමත් රත්නපුර ධනවතුන්ට පිං සහ ආයෝජනය කියන කාරණාවන් දෙකම එම පොළවේ මිනිස්සුන්ට දන් බෙදනවාට වඩා රටට ප්‍රයෝජනවත් ආකාරයට කරගත හැකි බව සිතී නැත.එවැනි ව්‍යාපාරික එකමුතුවකට රටටත් රත්නපුරයටත් විනෝදය සහ වසන්තය උදා කළ හැකි බොහෝ මානව රත්නයන් ඔප දමා කැටයම් දමා ගත හැකිය.එහිදී අමතක කළ නොහැකිම විෂයක් වන්නේ ලොව පුරා පැතිරෙන්නට හැකි ක්‍රීඩාවේ දක්ෂයෝය.

වසන්ත යටතේ ගුරුහරුකම් ලබන විනෝද් එවැන්නෙක් ය.
ඔක්කොම වගෙ කරන්නෙ වසන්ත ස්ර් සහ ඇන්ටි (වසන්තගේ බිරිඳ) තමයි.රාජා මාමා උදව් කරනවා.ගෝවින්ද අයියා කෑම ටික දෙනවා ට්‍රේනින්ග් ආවම.ජිම් ප්‍රැක්ටිස්වලට උපකරණ ටික සම්පත් ස්ර් නොමිලේ දෙනවා.
ඒත් විනෝද් නම් මැණික ඔප වැටෙන හැටි එලෙසය.
ග්‍රවුන්ඩ් එකේ ප්‍රැක්ටිස් කරන හැම ස්කෝලෙම යාළුවො,කෝච්ල මට ආදරෙයි.තේරුණම සුබ පතනවා.වෙන ඉතිං විශේෂ ස්පොන්ස්ර් ෂිප් එකක්නම් නැහැ.

විනෝද් මැණික් පුරවරයේ මැණික් සමඟ වැඩෙන නිසි අවධානය යොමු නොවුණ මැණිකකි.
තාත්තා කඩේක ඉන්නෙ.එයාගෙ යාළුවෙක්ගෙ.මගෙ වැඩවලට යන්න එන්න දෙන ඉඩම ගත්තත් ඒක ලොකු උදව්වක්.අම්ම ජොබ් කරන්නෙ නැහැ.අයියා ක්‍රිකට් ගැහැව්වා ඉස්සර.මල්ලිනම් ස්පෝර්ට්ස් කරන එකක් නැහැ.
විනෝදගේ පවුල් පසුබිම සරලව එසේය.රත්නපුර මහා සමන් දේවාලය ගාව පදිංචිව සිටින විනෝද් වෙනුවෙන් දෙවියන්ට ස්වභාව ධර්මයට හරස් වෙන්නට නොහැකිය.ඒ නිසා සමහර විට වසරකට කිහිප වතාවක් වුව ඉස්සෙන කළු ගඟ නැවතෙන්නේ ගෙට එබීමෙන් ඉනික්බිතිවය.එය නවත්තන්නට හැකි එකම මඟ විනෝද්ගේ නිවස එතැනින් ඉවත් කර වෙන තැනක තැබීමය.කවුරු හෝ මිනිසෙක්ට නැත්නම් කණ්ඩායමකට ඒ දේ මේ ක්‍රීඩකයාගේ අනාගතය ගැන සිතා කිරීමට සිත් පහළ වුවහොත් හැර දෙවියන්ටනම් ඒ දේ කිරීමට නොහැකිය.
ඒ දවස්වලට ඉතිං ට්‍රේනිං එන්න බැහැ.ගොඩක් වෙලාවට ට්‍රේනිං මඟ ඇරෙනවා.මාව ස්ර් කොහෙ හරි නැවත්තුවත් ඉතිං ගෙදර අය ඟං වතුරෙ ඉද්දි හිත තියාගෙන දුවන්න බැහැ.
විනෝද්ගේ ජීවිතය මීටර් 400 කඩුලු මතින් දිව යනවාට වඩා ඉක්මවා යා යුතු වැට කඩුළු පිරි එකකි.ඒ වැට කඩුලු ඉවත් වූ පසු රටටම ජය පෙනෙන රත්නපුරයේ නිර්මාණයකි.19 හැවිරිදි විනෝද් අලෝසියස් විද්‍යාලයේ නියෝජනයකි.මෙවර උසස් පෙළට පෙනී සිටින ඔහු පවසනාකාරයට පාසලෙන් ඔහුට මේ ජයග්‍රහණ වෙනුවෙන් ලැබෙන පිළිගැනීම සතුටුදායකය.

මං ඉතිං දුවන්න පටන් ගත්ත කාලෙම වසන්ත සර් ළඟට ආවා.ඒ වෙලාවෙ ස්කෝලෙ පිට ට්‍රේනිං යන්න දෙන්නෙ නැහැ කියලා තීරණයක් අරගෙන තිබුණා.ඒ නිසා ස්ර් එක්ක ට්‍රේනිං නැවතුණා.
විනෝද දුවන්නට හිතී ඇත්තේ පාසලේ නිවාසාන්තර ක්‍රීඩා සඳහා අනිත් දරුවන් දුවන විටය.ඒක මරු වැඩක් යන අදහසෙන් ස්පර්ශ කරමින් දුවන්න එන විනෝද්,පළමු අවස්ථාවේම දෙවැනියා ය.ඒ ගැම්මටම තව පුළුවන් යන හැඟීමද සමඟ දුවන්න එන විනෝද් අවුරුදු 14 න් පහළ අවදියේම කඩුලු මතින් දිව යන්නට තෝරා ගැනෙන්නේය.
මම පළාත් තර්ඩ් වෙනවා.ඊට පස්සෙ ආයෙ ස්කෝලෙන් මට ස්ර් ළඟට එන්න චාන්ස් එක දෙනවා.ඒකෙ ප්‍රතිපලයක් හැටියට මම ජාතික පාසල් රෙකෝඩ් එකකුත් එක්ක දිනනවා.
බොහෝ විට තමන්ගේ පෞද්ගලික ධනය වියදම් කරගෙන විනෝද්ව දුවවන වසන්ත කුමාර ගේ පුහුණුව එබඳුය.ඒ නිසාම විනෝද්ට තමන්ගේ විශ්වාසය හැකියාවට වඩා වසන්තව විශ්වාසය.
ස්ර් කියන දෙයක් තමයි

ලෝකයේ නව ප්‍රවනතා සහිතව නැඟෙන සූර සූරියන්ගේ හැකියාවන් විනෝද්ගේ නෙත ගැටුණ ද,ඒවා තමන්ගේ කරගන්න පෙර සහ කරගත යුත්තේ කෙසේද යන්න තීරණය කරන්න වසන්තට භාර දීම විනෝදගේ හැටිය.
පළාත් තර්ඩ් වුණාට පස්සෙ ජාතික පාසල් රන් පදක්කමයි වාර්තාවයි ගේන්න මාව හදනවා කියන්නෙ ඉතිං මට ස්ර් ගැන විශ්වාසයි.

ඒ ඇති වූ විශ්වාසය ගැන කියන්නට ඇති කතාව සරලව ගත් විට මරු ය.එතැන් සිට වාර්තා අලුත් කරමින් මීටර් 400 කඩුලු මතින් දිව යන විනෝද් කොරියාවේ පැවත්වෙන ආසියානු කණිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියට යන්නේ මීටර් 400 කඩුලු මතින් දිව යන ලෝක කණිෂ්ඨයන් අතර 18 වැනියා සේ ය.
පදක්කම් සමහර විට හම්බ වෙන්න පුළුවන්.මම මේ මේ මීට් එකේ ඉලක්ක කරන්නෙ 18 දෙනාගෙ ඉදලා 8 දෙනා අතරට එන්න.ඒ වැඩේ කරොත් පදක්කමත් තියෙන්නත් පුළුවන්.ස්ර් අතින් වියදම් කරගෙන ටුවර් එක එනවා.ළ ග ඉන්න එකත් හොඳ හයියක්.
කැපවීම මුදල අභිබවා ගොස් දරන්නට බැරි වියදමට එහා යන්නේය.වසන්ත ද වෙනම අවස්ථාව සකසා ගෙන නිල වශයෙන් අවස්ථාව නැතත්,ක්‍රීඩා පිටියේ විනෝද් සමඟ රැඳෙන්නට හැකි අවසරය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයෙන් ලබාගෙන සංචාරයට එක් වී ඇත.

ජීවිතේ හුඟක් ප්‍රශ්න එක්ක හැප්පිලා සමාජයෙ හැම තරාතිරමක මිනිස්සු එක්ක රස්තියාදු වෙමින් ජීවිතය ඉගෙන ගත්තු මිනිහෙක් මං.අපිට ඒ නිසා වෙනම හිතන්න පුළුවන් අත්දැකීම් ක්‍රීඩාව ඇතුළෙන් වගෙම ජීවත්වීම හරහා ලැබුණ අත්දැකීම් එක්කත් ක්‍රීඩාවට ප්‍රයෝජනවත් විදිහට යොදාගන්න පුළුවන්.ඒ නිසා මේ විනෝද්ගෙ ගමන තව ගොඩක් දුර අරං යන්න පුළුවන් ක්‍රම මං හොයාගෙන තියෙනවා.මේ තරම් දුර ගෙනාවෙත් එහෙමමයි.කාලයට ඉඩ දෙන්න.කවුරු හරි මේ කොල්ලා එක්ක ස්පොන්සර් කෙනෙක් හැටියට එනවනම් එයාටත් මෙයත් එක්කම ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියන විශ්වාසය මං තුළ තියෙනවා.

අවසානයේ සාකච්ඡාව නිමා වීමට ප්‍රථම තත්පරයේ ජානක වසන්ත කුමාර සිය ජීවිතයේ පදාසයක් සමඟම විනෝද්ගේ අනාගත ජයග්‍රහණවල පළල ගැන ද විශ්වාසයේ මුද්‍රාව තබමින් පැවසීය.
ආපසු එන අතර රත්නපුර කඩිගුළක් සේ ඇවිස්සී ඇත.දහසකට වැඩි පිරිසක් කුඩා ටෝච් ද සමඟ මැණික්වල පළුඳු ඇත්දැයි බලමින් ඒවා මිල කරන්නට සූදානමින් අඹ සෙවණේ සිට තැන තැන විසිරී ඇත.ඒ මහා මැඳුරුවල සිටින සුවිශාල ව්‍යාපාරිකයන්ට අමතරවය.ඒ අය මාසෙකට රුපියල් 5000 ගණනෙ වැටෙන අරමුදලක් එක්ව හැදුවත් රත්නපුරයේ ක්‍රීඩා අරමුදල සමහර විට රටේ ක්‍රීඩා අරමුදල අභිබවා යන මුදලකින් ද,ජයග්‍රහණවලින් ද සුවිශේෂ සහ සුවිශාල විය හැකිය.එවිට විනෝද්ලාට තව තවත් විශාල ජයග්‍රහණ රටට ගෙන රත්නපුරයේ වීරත්වය ලෝකය ඉදිරියේ සහතික කළ හැකිය.

වසන්තය විනෝද්ව රැඟෙන විත් ඇත.රත්නපුරයට විනෝදය ද වසන්තය ද රැඟෙන එන ජයග්‍රහණ සොයා දෙන්නට වසන්තට සහ විනෝදට ඇති හැකියාව වැසී ඇති පළුඳු ඉවත් කර ඔප දමන්නට මඟ කියන්නට රත්නපුරේ ව්‍යාපාරික ජනතාවට බැරිද?
අපි රත්නපුරය දෙස බලා සිටිමු.රත්නපුරය ලෝකයම බලන තැනක් බවට පත් කරන්නට රත්නපුරට හැකිද?
වසන්තට සහ විනෝද්ට ආසියාව ජයගෙන එන්නට සබ පැතුම් එක් කරන්නෙමු.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan