*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

අල්ලාගෙන ඉන්න බැරි වීමෙන් ගිලිහී ගොස් පරාජයට වැටුණු තරගයක් ……..

මධ්‍යම ආසියානු වොලිබෝල් කාන්තා සූරතාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව උස්බෙකිස්තානය හමු වූ අවස්ථාවේ තරග ප්‍රතිපලය 3- 0 ත් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත් වුණත් තෙවන වටය හැරෙන්නට මුල් වට දෙකේම වැඩි වේලාවත් තරගය ශ්‍රී ලංකාවට වාසිදායක ලෙස පැවතීම කැපී පෙණින.නමුත් ප්‍රමාණාත්මක තරග අත්දැකීම් මදකම නිසා උස්බෙකිස්තානය පීඩනය යළි හරවා එවීමට ගන්නා උත්සාහයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පසුබාති.


තරගයේ ල්‍රඡම වටය ලකුණු 6 -1 සේ ඉදිරියට ගෙන යමින් උස්බෙකිස්තානයට පසුබෑම මඟ හරවා ගැනීමේ සාකච්ඡාවක් සඳහා පළමු විවේකයද උදෑසනින් කැදවා දුන් ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් තරගයට පිවිසි උස්බෙකිස්තානය අභිබවා යමින් තරගයේ අවසාන මොහොත දක්වාම ඉදිරියෙන් සිටින්නට සමත් විය.ලකුණු 27 – 25 සේ ප්‍රථම වටය උස්බෙකිස්තානය පළමු වටය ජයගත්තේ පීඩනය තුළ දරාගෙන තරග වැදීමේ ජාත්‍යන්තර හුරුවේ මදකම නිසා මානසික ඒකාග්‍රතාවය බිඳ වට්ටා ගන්නා බැවිනි.

තරගයේ ආරම්භයේදී ශ්‍රී ලංකා ලිබරෝ ක්‍රීඩිකා දිලූෂා සංජීවනී යම් කළබලයක් පෙන්නුම් කළාය.එය වරින් වර දකින්නට ලැබුණත් ඇය ඉතා හො ද දායකත්වයක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දැක් වූවාය.යුහුසුළු වීම සහ කලබල වීම අතර ඇති සියුම් පරතරය සංජීවනී පමණක් නොව බොහෝ ක්‍රීඩිකාවන්ට පියවා ගැනීමට අපහසු වූ අවස්ථා දකින්නට ලැබිණ.නමුත් කණ්ඩායමක් විදිහට පිටිය තුළ මෑත කාලයේ දුටු හොඳ සංයුතියක් සහ කළමණාකාරීත්වයක් සමඟ කණ්ඩායමක් සේ ක්‍රියා කිරීමට ඔවුන් තුළ ඇති හැකියාව මේ කණ්ඩායම තව වසර කිහිපයක් මේ ආකාරයෙන්ම රඳවා ගැනීමේ අවශ්‍යයතාවය පැහැදිළි කළේය.

නායිකා තිළිණි වාසනා,කවීශා ලක්ෂානි සහ ඉරේෂා උමයංගනී පරිනත බවක් පෙන්නුම් කරමින් ප්‍රතිවාදීන්ව ප්‍රහාරයෙන් සහ අවස්ථානෝචිතව පාලනය කරන්නට උත්සාහ ගන්නා අයුරු දක්නට ලැබිණ.බොහෝ තරගවලදී අනවශ්‍යය ආකාරයට සිඳු කරන වැරදි පිරිනැමීම් බොහෝ සෙයින් අවම කර ගැනීමට එල්එන්ඩබ්ලිව් සමඟ තරගයට පෙර අදහස් දක්වමින් වාසනා ප්‍රකාශ කළ අයුරෙන්ම හැකි වී තිබීම කැපී පෙණින.නමුත් ඉතාම අත්‍යවශ්‍යය මොහොතවලදී පිරිනැමීම සඳහාම කැදවන ක්‍රීඩිකාවන් ද වරද්දා ගන්නා අවස්ථාවන්ද තිබිණ.
නමුත් මාසයකට ආසන්න කාලයක පුහුණුව තුළ වෙනසක් ඇති වී තිබෙන බව තරගාවලිය ආරම්භයේදීම දකින්නට ලැබීම සතුටට කරුණකි.ශ්‍රී ලංකාව සිටින බී කාණ්ඩයේ සිටින ප්‍රබලම කණ්ඩායම වන උස්බෙකිස්තානය ඉදිරියේ පරාජය වීම ඉතා ප්‍රශස්ත තරගයක් දීමෙන් සිඳු වූ බව කීමට නොහැකි වුව ද,ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින්ම කරන ලද අතපසුවීම්,විශ්වාසය බිදී යාම් නොවන්නට උස්බෙකිස්තානයෙන් තරගය උදුරා ගැනීමේ හැකියාවක් ද ශ්‍රී ලංකාවට තිබුණ බව කීම අතිශ්‍යොක්තියක් නොවන බව කිව යුතුය.

ප්‍රශස්ත නොවන්නේ විශ්වාසය බිද වැටීම මෙන්ම අතපසුවීම් ද නොතිබෙන නොපෙනෙන තරමටම ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් පොහොසත්ව සිටිය යුතු බව අපේ විශ්වාසය බැවිනි.අවසානයේ එවැනි තත්ත්වයන් අවම කරමින් වඩාත් සංවිධානාත්මකව තරගයේ රැඳුණ උස්බෙකිස්තාන ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවේ තරගය උදුරා ගත්හ.එහෙත් මේ තත්ත්වය යටතේ මේ සිඳුවූ මඟහැරීම් නොවන්නට කටයුතු කළහොත් උස්බෙකිස්තානයට පහළින් සිටින ශ්‍රී ලංකාවට කසකස්තානය සහ මාල දිවයින පරාජය කරන්නට අපහසු නොවනු ඇතැයි සිතෙන තරමට මේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ ආකාරය යහපත්ය.

උස්බෙකිස්තානය 27-15,25-20 සහ 25 -14 ක් ලෙස වට තුණේ ජයග්‍රහණය දිනා ගත්තත් වසර දෙකකට පමණ පසුව ජාත්‍යන්තර පිටියට පිවිසුණේ ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා ගැනීමට අවශ්‍යයකාවයක් නොතිබි නිසා නොවේය.ඒ නිසා සෑම වැටීමකදීම ක්‍රීඩාවේ නැවත නැගිටීමට වැඩි අවස්ථා දීම පරිපාලනයේ යුතුකමකි.එ් සඳහා වසර දෙකකට පමණ පසුව හෝ අවස්ථාවක් දීමට ඉදිරිපත් වීම ගැන වත්මන් වොලිබෝල් පරිපාලනයට ද ස්තූතිවන්ත වෙමින් තැබූ පියවර තරගාවලියේ වැටීම් මත නැවත්වීම නොව නැගීම සඳහා වැඩි අවස්ථාවන් ඇති කිරීම කෙරෙහි යොදන ලෙස ද අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.නමුත් අප මේ තරගය දෙස බලා ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉරණම මීට වසර දෙකකට පෙර විඳි අත්දැකීම් තරම් රළු හෝ කළු නොවනු ඇති බවට විශ්වාස කරන්නෙමු.

තරගය සම්පූර්ණයෙන් පහත සබදතාවයෙන් පිවිස නැරඹිමේ අවස්ථාව ඇත.
https://www.youtube.com/watch?v=E6Dz4m7mYmk

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan