*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

එළියට යන්න වුණොත් මමත් දේශපාලනයට එනවා – PUCSL ජනක

කොළඹ LNW:තමන් සම්බන්ධයෙන් හෙට (24) දින පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ජන්දය දේශපාලන ප්‍රශ්නයක් නොව හරි වැරැද්ද සම්බන්ධයෙන් ප්‍රශ්නයක් වන අතර ජනතාවාදී දේශපාලකයින් කවුද යන්න හෙට දින බලාගත හැකි වන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

ස්වාධීන කොමිසමක් නිසිලෙස කටයුතු කරන විට ඒ සඳහා වන දේශපාලන බලපෑම හෙට දිනයේ පෙන්නුම්කරනු ඇති බවයි රත්නායක මහතා කියාසිටියේ.

225ක් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රට පිළිබඳ කැක්කුමක් ඇත්නම් දේශපාලන වුවමනාවක් මත ගෙන එන යෝජනාව අනිවාර්යයෙන්ම පරාජය කළ යුතුවන බව හෙතෙම අවධාරණය කළේය.

කුමන හෝ තත්ත්වයක් මත තමන්ට හෙට ධූරයෙන් ඉවත්ව යාමට සිදුවුවහොත් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් දේශපාලන පිටියට ප්‍රවේශ වන බවද රත්නායක මහතා ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan