ජනාධිපතිවරණය ගැන ජනපති රනිල්ගෙන් කැබිනට් මණ්ඩලයට දැනුම් දීමක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මේ වසරේදී නියමිත ආකාරයට මැතිවරණ කොමිෂන් සභාව විසින් තීරණය කරන දින වකවානු අනුව ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

“ජනාධිපතිතුමා පැහැදිලිවම කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා එතුමා පසුගිය අයවැය ලේඛනයෙන් ඉතා පැහැදිලිව මුදල් වෙන් කරලා තියෙන්නෙ ජනාධිපතිවරණයක් සඳහා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වර්ෂය තුළදී ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු වෙනවා. ව්‍යවස්ථාවට අනුව පැවැත්විය යුතු මැතිවරණ එලෙසින් පවත්වාගෙන යන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය අනුගමනය කරන බව එතුමා පැහැදිලිව රටට කියලා තියෙනවා. ඒ අනුව ඒ සඳහා බිලියන 10ක මුදලක් අයවැයෙන් වෙන් කරපු බව අපි බොහෝ මාධ්‍ය හමුවලදී ප්‍රකාශයට පත්කරලා තියෙනවා. ඒ අනුව මේ වර්ෂයේදී නියමිත ආකාරයට මැතිවරණ කොමිසම විසින් තීරණය කරන දින වකවානු අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලය වෙනත් කරුණු යටතේ දැනුම් දුන්නා”

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (23) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයෝජන කියන්නේ මොනවාද ?

රටක ආර්ථික වර්ධනය සඳහා ආයෝජන වල වැදගත්කම ගැන කතා...

විපක්ෂ නායක සජිත්ගෙන් කිතුල්ගල රෝහලට ලක්ෂ 33ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක්...

නන්දනගේ වටිනාකම බිංදුවයි – ඇමති ලාල්කාන්ත

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාගේ වටිනාකම තමන්ට...

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ...