ජනාධිපතිවරණය ගැන ජනපති රනිල්ගෙන් කැබිනට් මණ්ඩලයට දැනුම් දීමක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මේ වසරේදී නියමිත ආකාරයට මැතිවරණ කොමිෂන් සභාව විසින් තීරණය කරන දින වකවානු අනුව ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

“ජනාධිපතිතුමා පැහැදිලිවම කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා එතුමා පසුගිය අයවැය ලේඛනයෙන් ඉතා පැහැදිලිව මුදල් වෙන් කරලා තියෙන්නෙ ජනාධිපතිවරණයක් සඳහා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වර්ෂය තුළදී ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු වෙනවා. ව්‍යවස්ථාවට අනුව පැවැත්විය යුතු මැතිවරණ එලෙසින් පවත්වාගෙන යන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය අනුගමනය කරන බව එතුමා පැහැදිලිව රටට කියලා තියෙනවා. ඒ අනුව ඒ සඳහා බිලියන 10ක මුදලක් අයවැයෙන් වෙන් කරපු බව අපි බොහෝ මාධ්‍ය හමුවලදී ප්‍රකාශයට පත්කරලා තියෙනවා. ඒ අනුව මේ වර්ෂයේදී නියමිත ආකාරයට මැතිවරණ කොමිසම විසින් තීරණය කරන දින වකවානු අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලය වෙනත් කරුණු යටතේ දැනුම් දුන්නා”

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (23) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...