ඩොලර් අර්බුදයක් නෑ. ඩොලර් හංගවලා අර්බුදයක් මවාපාලා ආණ්ඩුව වට්ටන්න හදන පිරිසක් ඉන්නවා – මන්ත්‍රී සුරවීර

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදයක් පවතින්නේ යැයි කීම වැරදි බවත් මෙය 2021 – 2022 සමයේ ඇතිවූ අර්බුදයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් තත්වයක් බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි.

“ඔය ඩොලර් අර්බුදය කියන ප්‍රශ්නය, ‘අර්බුදය’ කියලා කතා කළොත් ඒකත් වැරදියි කියන එකයි මගේ අදහස. මොකද මේක 2021 හරි 2022 හරි වගේ රුපියල් නැතිව ඩොලර් නැතිව ආපු අර්බුදයක ප්‍රතිඵලයක් නෙවෙයි. අපේ රටේ ඕනෙම කෙනෙකුට තේරෙනවා අපේ රටට, ලෝකෙට බලපාපු ප්‍රශ්නයක් තියෙනවා, මැදපෙරදිග අර්බුදය. මේ මැදපෙරදිග අර්බුදයත් එක්ක තමයි තෙල් ආනයනය කිරීමේදී, ඖෂධ ගෙන්වීමේදී, කාර් ටික ගෙන්වීමේදී විශාල ඩොලර් ප්‍රමාණයක් වෙන්කරන්න වෙන්නෙ. මේ වගේ ආනයන ද්‍රව්‍යවලට අපි කිසිදු බාධාවක් කරන්නෙ නැතිව ඕනෙම කෙනෙකුට ආර්ථිකයට සම්බන්ධ වෙන්න අපි ඉඩකඩ විවර කරලා තියෙනවා. 2021 – 2022 කියන්නෙ එහෙම එකක් නෙවෙයි. අද වෙනකොට අපි රටක් විදියට මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා මේ ප්‍රශ්නයට විසඳුම් ලැබෙමින් පවතින වෙලාවක්. මේකෙ ප්‍රධාන ප්‍රශ්නය තියෙන්නෙ ඇත්තටම ඩොලර් අර්බුදයකට වඩා ඩොලර් අර්බුදයක් මවාපාන්න දැවැන්ත උත්සාහයක්, එහෙම මවාපාලා ඩොලර් ටික හංගවලා, ඒක ඇතුළෙ වෙනම කණ්ඩායම් ගොඩනගලා, ආණ්ඩුව වට්ටලා බලය ගන්න පුළුවන්ද කියලා බලන පිරිසකුත් ඉන්නවා. ඒ වගේම ක්ෂණික ලාබය නිසා අද ඩොලර් එක 130 නම් හෙට ඩොලර් එක 140 වෙයි කියලා කෙටිකාලීන ලාබ අපේක්ෂාවෙන් වැඩකරන පිරිසකුත් ඉන්නවා. මේක තමයි ප්‍රශ්නයක් හැටියට තියෙන්නෙ. අපි විශ්වාස කරනවා මේක අපට විසඳන්න පුළුවන්”

දේවානන්ද සුරවීර මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (23) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති සියයට හැටක් පිහිටුවා අවසන්-ඩී.වී චානක

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...