අක්‍රමිකතා රැසක් නිසා සුරාබදු දෙපාර්තමේන්තුවට දැවැන්ත බදු අහිමිවීමක් !

සුරාබදු පනත උල්ලංඝනය කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් නිෂ්පාදන සමාගම්වලට මත්පැන් සිල්ලර අලෙවිය සඳහා බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු අක්‍රමිකතා රැසක් නිසා රජයට වසරකට රුපියල් බිලියන 130ක පමණ බදු මුදලක් අහිමිවන බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් ප්‍රනාන්දු මහතා පැවසුවේ මත්පැන් අලෙවියෙන් වසරකට රුපියල් බිලියන 300ක පමණ බදු ආදායමක් ලබාගත හැකි නමුත් මේ වනවිට සුරාබදු දෙපාර්තමේන්තුව රජයට උපයා දෙන්නේ රුපියල් බිලියන 170කට අඩු මුදලක් බවයි.

ශ්‍රී ලංකාවේ අලෙවි කරන රා වලින් 90% ක්ම ප්‍රමිතියෙන් තොර පැවසූ ඒ මහතා රා නිෂ්පාදනයේදී ශරීරයට අහිතකර නොයෙකුත් විෂ ද්‍රව්‍ය එකතු කරන බවට රස පරීක්ෂක වාර්තාවලින් ද සනාථ වී ඇති බවත් සඳහන් කළේය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් දූෂිත නිලධාරීන්ගේ සහයෝගය මත නීතිවිරෝධී මත්පැන් ජාවාරම් දිවයින පුරාම ක්‍රියාත්මක වන අතර මේ වනවිට නීතිවිරෝධී මත්පැන් ජාවාරම් 300% කින් පමණ ඉහළ ගොස් ඇති බවත් ඩලස් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...

හූති ප්‍රහාර හමුවේ ඉහළ යන තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 115ත් පසු කරයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් මත හූති...

නගර සභා සභාපතිවරයකු විසින් පහර දුන් බව පවසමින් ගරාජ් හිමිකරුවෙකු රෝහලට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කඩුගන්නාව නගර සභා...