චීන-වියට්නාම ජාත්‍යන්තර මගී දුම්රිය සේවා යළි ඇරඹේ!

කොළඹ LNW:වසර පහකට පසු චීනය හා වියට්නාමය අතර ජාත්‍යන්තර මගී දුම්රිය සේවා යළි ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව අංක T8701 දරන මගී දුම්රිය ඊයේ (25) චීනයේ Guangxi Zhuang ස්වායත්තයේ Nanning නගරයෙන් පිටත් වී වියට්නාමයේ හැනොයි නගරය වෙත ගමන් කළා.

වසර පහකට පසු චීන-වියට්නාම ජාතාන්තර මගී දුම්රිය සේවා යළි ක්‍රියාත්මක කිරීම ඒ අනුව සනිටුහන් කෙරුණා.

එම දුම්රිය සෑම දිනකම බෙයිජිං වේලාවෙන් 18.05 ට Nanning දුම්රිය ස්ථානයෙන් පිටත් වී පසුදින උදෑසන 6.30 ට වියට්නාමයේ හැනොයි (Huyện Gia Lâm ) දුම්රිය ස්ථානයට ළඟා වනවා. එමෙන්ම සෑම දිනකම රාත්‍රී 22.20 ට වියට්නාමයේ හැනොයි (Huyện Gia Lâm ) දුම්රිය ස්ථානයෙන් පිටත් වී චීනයේ Nanning දුම්රිය ස්ථානයට පසුදින උදෑසන 10.06 ට ළඟා වනවා. එහි ධාවන වේලාව මගීන්ගේ රාත්‍රී නවාතැන් වියදම ඉතිරි කිරීමට හේතුවන බැවින් අන්තර්ජාතික සංචාර සඳහා ඉන් පහසුකම් සැලසෙනවා.

චීන-වියට්නාම රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 75 වන සංවත්සරය මෙන්ම මානව හා සංස්කෘතික හුවමාරු වසර මෙම වසරට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙනුයි චීන-වියට්නාම අන්තර් දේශසීමා දුම්රිය මාර්ගය යළි විවෘත කෙරුණේ.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...