සටහන – රුවන් නෙළුගොල්ල
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් යන ජාතික ජන බලවේගයේ මැතිවරණ පොරොන්දුව ඉටුකිරීමට නම් චීනය, කියුබාව, වියට්නාමය මෙන් දීර්ඝ කාලයක් තිස්සේ ජාජබ ආණ්ඩුවක් යටතේම ශ්රී ලංකාව පාලනය වියයුතු බව ජාජබ පාර්ලිමේන්තු මන්ත්රී පද්මසිරි බණ්ඩාර මහතා පවසයි.
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්”. ඔන්න ඔතෙන්ට අරන් යන්න වසර 20කට වැඩි කාලයක් ඔබ අපිත් එක්ක ඉන්න ඕනෙ. දැන් චීනය අවුරුදු 60කට වැඩියි එකම ආණ්ඩුවක්. කියුබාව අවුරුදු 70කට වැඩියි එකම ආණ්ඩුවක්. වියට්නාමය අවුරුදු 55කට වැඩියි එකම ආණ්ඩුවක්”
පද්මසිරි බණ්ඩාර මන්ත්රීවරයා මේ බව පැවසුවේ ඊයේ (25) පොලොන්නරුව ප්රදේශයේ පැවති උත්සවයකදී ය.


