*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

අලුත් පරපුරක හැඩ දුටුව බංගලාදේශයට එරෙහි ජය

ශ්‍රී ලංකාවේ සහ බංගලාදේශයේ කාන්තා වොලිබෝලයේ පෞරුෂයන් සළකා බලද්දී ඒවා බොහෝ වෙනස් බව අපි දනිමු.ඉතාම පහසුවෙන් මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම බංගලාදේශ කාන්තා කණ්ඩායම පැරදවීම ඒ අනුව අපූරු ආශ්චර්යයක් නොවේය.
නමුත් තරගයේ ජයග්‍රහණය සොයා යාමේ වගකීමට ජයරාමන් තිලක්ෂණා,ප්‍රීතිකා ප්‍රමෝදනී වැනි දිග අනාගතයක් සහිත ක්‍රීඩිකාවන් එකතු කර ගන්නට චාල්ස් තිලකරත්න ගත් උත්සාහය නිසා අනාගත වොලිබෝලය එතරම් අඳුරු නැති බව පසක් විය.විශේෂයෙන් ප්‍රීතිකා ඔප මට්ටම් දැමීම පමා නොකළ යුතු මැණිකකි.ප්‍රහාරයේ තිබෙන වේගය මෙන්ම පිරිනැමීමේ සුවිශේෂිත්වයද සමඟ ඇය වඩාත් හොඳින් මොහොත කළමණාකරනය කිරීම සඳහා මෙහෙයවීම වැදගත්ය.


කණ්ඩායමක් හැටියට ගත් විට ශ්‍රී ලංකාව සාමාන්‍යයෙන් වැඩි පිරිසක් අවුරුදු 25 ඉක්මවා ගොස් සිටියි.ඊට එක් හේතුවක් වන්නේ තරගාවලියට පෙරාතුව අප වෙබ් අඩවිය සමඟ පැවති සාකච්ඡාවදී නායිකා තිළිණි වාසනා පෙරේරා පැවසූ කතාවය.පාසග් පුහුණුකරුවන් තම ක්‍රීඩිකාවන් ජාතික සංචිතයේ පුහුණුව සඳහා නො’එවීම එහි ප්‍රධානම හේතුවක්ය.සමහර විට එසේ වූවේනම් මෙම කණ්ඩායම මීට වඩා වෙනස් වන්නට ද තිබීමේ හැකියාව තිබිණ.


අත්දැකීම් සහ යොවුන් ජවය රස මුසුවකි.විශේෂයෙන් කණ්ඩායමේ පන්දු එසැවීමේ කාර්ය සමඟ තරගයක් ශ්‍රී ලංකාවට වාසිදායක ලෙස එසැවීමට ද විශාල බරක් සැරීමේ වගකීම ඇති කාංචනා පීරිස් වැනි පන්දු සකසන්නියක සමඟ වඩා තරුණ පන්දු සකසන්නියක එක් කිරීමට හැකිනම් එය අතිශයින් වැදගත් වනු ඇත.එසේම දිලූෂා සංජීවනීට ද දැන් සිටම ඊ ළඟ ලිබරෝ විකල්පයක් සොයා ගැනීම අතිශයින් වැදගත්ය.එහිදී ඔවුන් මොහොත කළමණාකරණය කිරීමට ක්‍රියා කරන ආකාරයෙන් ඉගෙන ගැනීමට ඇති දේ බොහෝය.


එසේම ලංකාවේ අධ්‍යාපනික ඉඩ ක්‍රීඩාව වෙත යොමු වී තිබෙන අඩු පාඩුව මෙහිදී ද දැක ගත හැකිය.මාවතගම කැෂුවලයින් ක්‍රීඩා කරන ප්‍රීතිකා ප්‍රමෝදනී හැරෙන්නට මෙම කණ්ඩායමේ සෙසු සියල්ල ත්‍රිවිධ හමුදාවට අයත්ය.අධ්‍යාපනය සමබර කර ගනිමින් එයින් ද ඉහළ යාමට උනන්දුවක් ඇති ක්‍රීඩිකාවකට (ක්‍රීඩකයෙක්ට ද අදාළය) මෙවැනි තත්ත්වයකදී ත්‍රීවිධ හමුදාව හැරෙන්නට වෙනත් රැකියාවක් හිමි කර ගැනීමට හැකිනම් අතර මැද අධ්‍යාපනය සමඟ ක්‍රීඩාව හැර යන පිරිස් අඩු කර ගැනීමට හැකිය.
මේ වන විට තරගකාරී ක්‍රීඩාව සමඟ තරගකාරී අධ්‍යාපනික කඩ ඉම ද ජය ගැනීමට අලුත් පරම්පරාව හොඳ සැළසුමකට වැඩ කළ හැකි තත්ත්වයන් ජය ගනිමින් සිටින අතර එවැනි උනන්දුවද ඉහළ යමින් ඇත.එවැනි තත්ත්වයක සරසවි තුළ ක්‍රීඩාව අධ්‍යාපනික වශයෙන් උඟන්වන්නට ගන්නා උත්සාහයේදී ප්‍රායෝගික ජාතික මට්ටමේ දක්ෂයන් සම්බන්ධයෙන් දේශණාගාර තුළට වද්දවා ක්‍රීඩාවෙන් උගතෙක් කරන්න හදන වෑයම අමිහිරිය.වඩා ප්‍රායෝගිකව කීඩාව භාවිතා කළ හැකි පිරිස් මිස ක්‍රීඩාව ගැන කථිකයන් බිහි කිරීමනම් අධ්‍යාපනයේ වගකීම එය රටේ ක්‍රීඩාවේ දියුණුවට ඉවහල් නොවනු ඇත.මේ තත්ත්වය තේරුම් ගෙන විශ්ව විද්‍යාල මට්ටමෙන් ක්‍රීඩාව නඩත්තු කරගෙන යාමට සහ ප්‍රායෝගිකව ජාතික මට්ටමෙන් අභියෝග කළ හැති ක්‍රීඩා කණ්ඩායම් තැනීමට ද විශ්ව විද්‍යාල ක්‍රීඩාවට වැඩි මුදලක් වෙන් කිරීමට හෝ ඒ සඳහා පෞද්ගලික අංශය දායක කර ගන්නට දක්වන දායකත්වය පුළුල් කළ යුතුය.


එසේම ක්‍රීඩාව ඉගැන්වීම සඳහා ප්‍රායෝගික දැණුම ඇති පුද්ගලයන් සොයා ගැනීමට දරණ වෑයමේ දී ජාතික මට්ටමේ දක්ෂයන් ක්‍රීඩා පුහුණුකරුවන් සේ පාසල් සමඟ එක් කර ගැනීම සහ නැවත හැකිනම් අධ්‍යාපන අමාත්‍යංශ කණ්ඩායම වැනි කණ්ඩායමක් කරළියට ගෙන ඒම ද අධ්‍යාපනික බලධාරීන් කල්පනා කළ යුතු කාර්යයකි.


මෙම තරගාවලිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් වසර දෙකකට පසුව ජාත්‍යන්තර තරගයකට ඉදිරිපත් වූ අවස්ථාවය.එසේම එම තරගාවලිය වෙනුවෙන් ඉතා කෙටි කාලීන පුහුණුවක් ලැබූ කණ්ඩායමක්ය.ඒ නිසා ජයග්‍රහනවලදී මෙන්ම පරාජයන්වලදී ද ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණ අතිශයින් වැදගත්ය.පෙන් වූ කුසලතාවය ඇගයිය යුතුය.ආසන්නම අවස්ථාවන් කිහිපයක් මේ කණ්ඩායමට ජාත්‍යන්තර මට්ටමේ තරග සඳහා විදේශ ගතව හෝ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට කැඳවා හෝ ලබා දිය හැකිනම් එය රටේ කාන්තා වොලිබෝල් ක්‍රීඩාවේ ප්‍රගමනයට වැදගත් වනු ඇත.


මෙම තරගාවලිය සමස්ත ප්‍රතිපලයට අයත්වන පරාජයන්ගෙන් නොමැන,ඒ වෙනුවට පරාජයන්ගේ ස්වභාවයෙන් මැනීමට හැකිනම් වැදගත්ය.මේ තරගයේදී තමන්ට ලැබුුණ අවස්ථාවන් ප්‍රයෝජනයට ගනිමින් අප්සරා සෙව්මාලි,අයේෂා මධුරිකා වැනි ක්‍රිඩිකාවන් මෙන්ම තිළිණි වාසනාථඉරේෂා උදයාංගනී වැනි ක්‍රීඩිකාවන් ද ජයග්‍රහණය වෙනුවෙන් දැක් වූ දායකත්වය ගැන සිතන විට තරගාවලියේ පස්වැන්නියන් තෝරන කිර්ගිස්තාන තරගයේදී කණ්ඩායම පෙළ ගැසෙන ආකාරයේ වෙනසක් ද ඇති විය හැකිය.ප්‍රීතිකා වැනි ක්‍රීඩිකාවක් දිගින් දිගටම පිටියේ තබා ගැනීමට පුහුණුකරුවන් තීරණය කරන්නට ද ඉඩ ඇත.


තරගයේ දී බංගලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව දැක් වූ දස්කම් මුල සිට දැක ගන්නට සමස්ත තරගය නැරඹිය හැකි පහත සබැඳියාව භාවිතා කරන්නට ඔබට හැකියාව ඇත.
https://www.youtube.com/watch?v=B2oIxhnnaSM

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan