*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 05/26

  1. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා (Fumio Kishida) හමුවට: ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ජපානය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය පිළිබඳ කෘතඥපූර්වකත්වය පළ කරයි: ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යූහගතකරණය අතින් ප්‍රගතියක් ලබා ඇති බවත්, ඊට අදාළ සාකච්ඡා අවම වශයෙන් නොවැම්බර් වන විට අවසාන කළ යුතු බවත් අවධාරණය කරයි.
  2. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි (Shunichi Suzuki) හමුවට: ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කරයි: ජනාධිපතිවරයා සිංගප්පූරු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය වොංග් (Wong) ද හමුවෙමින් සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන කැපවීම පිළිබඳව යළි තහවුරු කරයි.
  3. ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්කි ගේ 2022 වාර්ෂික දුක්ඛිතභාවය පිළිබඳ දර්ශකය (Annual Misery Index 2022) අනුව ලොව වඩාත්ම දුක්ඛිත රටවල් අතර 11 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ: වසර-අවසාන රැකියා වියුක්තිභාවය, උද්ධමනය, බැංකු ණය අනුපාත, සහ ඒක පුද්ගල සැබෑ දළ දේශීය නිෂ්පාදිතයේ වාර්ෂික ප්‍රතිශතය වෙනස් වීම ආදී සාධක මත රටවල් 157 ක් මෙම දර්ශකයට ඇතුළත් කර තිබේ: ලොව වඩාත්ම දුක්ඛිත රට ලෙස හඳුනා ගෙන තිබෙන්නේ සිම්බාබ්වේ; අනෙකුත් වඩාත්ම දුක්ඛිත රටවල් ලෙස වෙනිසියුලාව, සිරියාව, ලෙබනනය, සුඩානය, ආර්ජන්ටිනාව, යෙමනය, යුක්රේනය, කියුබාව, තුර්කිය, හයිටි, ඇන්ගෝලා, ටොන්ගා සහ ගනා හඳුනා ගෙන ඇත: දුක්ඛිත අඩුම රට ලෙස ස්විට්සර්ලන්තය හඳුනා ගෙන ඇත.
  4. බොරැල්ල පොදු සුසාන භූමියේ අධිකරණ අධීක්ෂණය ද සහිතව මරණයට පත් ව්‍යාපාරික දිනේශ් ෂාෆ්ටර් ගේ දේහය යළි ගොඩ ගනියි.
  5. කොළඹ සැහැල්ලු දුම්රිය ධාවන (Light Rail Transit) ව්‍යාපෘතිය ඉදිකිරීමට ජපාන රජය විසින් ලබාදුන් ඇ.ඩො. බිලියන 1.5ක ණය මුදල “ඒකපාර්ශ්විකව අවලංගු කිරීම” සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපාන රජයෙන් සමාව අයැද සිටියි: අන්‍යෝන්‍ය එකඟතාවයකින් තොරව මහා පරිමාණ ද්විපාර්ශ්වික ව්‍යාපෘති අවලංගු කළ නොහැකි බව සහතික කිරීමට නීති සම්පාදනයක් අවශ්‍ය බව පවසයි.
  6. තරුණ ප්‍රජාව “වඩා හරිත තණබිම්” සොයමින් විදේශගත වීම වෙනුවට ව්‍යවසායකයන් බවට පත්වීමට උත්සාහ කළ යුතු බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි: නන්දලාල් ගේ පාලනය යටතේ මහ බැංකුව විසින් පොලී අනුපාත අතිවිශාල අන්දමින් ඉහළ දැමීම මත ගතවූ වසර තුළ ව්‍යාපාර දහස් ගණනින් කඩා වැටුණු අතර, ලක්ෂ පහකට අධික පිරිසකට රැකියා අහිමි වූ බව ද සිහිපත් කළ යුතුය.
  7. ගතවූ වසර දෙක තුළ මතුවූ විදේශ විනිමය හිඟය මත HS කේත මඟින් හඳුනාගෙන තිබූ ආයිතම 3,000ක් අතුරින් ආනයන තහනමට ලක් වූ ආයිතම 100 කට පැනවූ ආනයන පාලන ඉවත් කිරීමට රජය සැලසුම් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.
  8. ශ්‍රී ලංකාවේ දරුවන්ට තීරණාත්මක ජීවිතාරක්ෂක සහාය අවශ්‍යව ඇති බව ලෝක බැංකු උපුටා දක්වමින් “Save the Children” සංවිධානය පෙන්වා දෙයි: ලක්ෂ පහකට අධික පිරිසකට රැකියා අහිමි වූ බවත්, ලක්ෂ 27 ක අතිරේක පිරිසක් දරිද්‍රතාවයට ඇද වැටී ඇති බවත් සිහිපත් කරයි: දරුවන් සිටින පවුල්වලින් 38% කට ම තම මූලික ආහාර සහ අධ්‍යාපනික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව ඇති බව ද පෙන්වා දෙයි.
  9. තම ඉන්ධන පිරවුම්හල් මෙහෙයුම් හෝ අදාළ ව්‍යාපාරික ක්‍රියාකාරකම් හැසිරවීම සඳහා බාහිර ආයතන හෝ තුන්වන පාර්ශවයන් කුලියට ගෙන ඇති බවට සිදුකරන ප්‍රකාශයන් සිනොපෙක් (Sinopec) සමාගම ප්‍රතික්ෂේප කරයි: ඉන්ධන පිරවුම්හල් ලබා දීමට අදාළ බලපත්‍ර අයිතිය වෙනත් කිසිඳු පාර්ශවයකට ලබා දීමට තමාට අවශ්‍ය නැති බව පැහැදිලි කරයි.
  10. ඉතාලියේ සැවෝනා ජාත්‍යන්තර තරඟාවලියේ මීටර් 100 අවසන් තරඟය තත්පර 10.01 කින් අවසන් කරමින් දෙවැනි ස්ථානයට පත් වීමට කෙටිදුර ධාවන ශූරී යුපුන් අබේකෝන් සමත් වෙයි: තරඟය තත්පර 9.94 කින් අවසන් කරමින් බ්‍රිතාන්‍යයේ රීස් ප්‍රෙස්කොඩ් පළමු ස්ථානයට පත්වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan